මහවිරු උළෙල වාරණයට පොලිසිය කළ ඉල්ලීම් කයිට්ස්, මල්ලාකම් උසාවි ප‍්‍රතික්‍ෂේප කරයි

191

උතුරේ මහවිරු උළෙල පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස කයිට්ස් හා ඩෙල්ෆ්ට් පොලිසි විසින් කයිට්ස් හා මල්ලාකම් අධිකරණවලින් 23 දා කළ ඉල්ලීම් දෙකක් එම අධිකරණ විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ.

එම අධිකරණවල මහෙස්ත‍්‍රාත්වරුන් පොලිසියට ප‍්‍රකාශ කොට ඇත්තේ එම පළාත්වල මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමක් පිළිබ`දව පූර්ව වාර්තා ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.

යම් පිරිසක් මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමට උත්සහ කරන්නේ නම් පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ විසුරුවා හැරීමට බලය ඇති බවද මහෙස්ත‍්‍රාත්වරුන් ප‍්‍රකාශ කොට තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment