මහවිරු සැමරුමට ආලංකේණිසුසාන භූමියක් සුද්ද කරන්නට පැමිණි දෙපිරිසක් ඇවිලෙති

320

ඉකුත් 27 වෙනිදා සිට සතියක් පුරා පැවැත්වීමට නියමිත මහවිරු සමරුව නිමිත්තෙන් ත්‍රිකුණාමලය සාම්පූර් ආලංකේණි ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් වළ දමන ලද සොහොන් භූමියක් ශුද්ධ කිරීමට පැමිණි යාපනේ දිස්ත්‍රික් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජෙන්ද්‍ර ඇතුළු පිරිසකට සාම්පූර්හි මහවිරු කම්ටු නිලධාරින් පැමිණ විරුද්ධ වීමත් සමග දෙපිරිස අතර ඇතිවන්නට ගිය ගැටුමක් පොලිසිය පැමිණ සමථයකට පත් කර ඇත.

යාපනයෙන් පැමිණි පිරිස සුද්ධ කරමින් සිටි සුසාන භූමිය පෞද්ගලික එකක් යැයි ඔවුන් කියා සිටි බැවින් පොලිසිය ඒ බවට තහවුරු කරන ලියකියවිලි සියල්ල පෙන්වා එලිපෙහෙලි කිරීම් කරන ලෙසට දැනුවත් කිරීමෙන් පසු ඔවුන් ආපසු ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සාම්පූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර රාජකරුණා මහතා ඇතුළු නිළධාරින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment