මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව කෘතිය එළිදැක්වේ

209

වර්ෂ 1980 දී පමණ මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රයන් විසින් “මාර්ග ආයතනය” උදෙසා ඉංග්‍රීසියෙන් සම්පාදිත “ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව (1940-1980)” කෘතිය එම කාලපරාසය ඇතුළත බිහිවූ නාට්‍ය හා නාට්‍යකරුවන් පිළිබඳ කතුවරයාගේ නිගමන සහ අදහස් ඇතුළත් විමර්ශනාත්මක කෘතියකි.

මෙතෙක් අමුද්‍රිතව පැවැති මෙම කෘතිය මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ ශ්‍රාස්ත්‍රාචාර්ය පී.බී. ගලහිටියාව විසින් සිංහලයට පරිවර්තනය කොට ඇති අතර එය මුද්‍රිත කෘතියක් වශයෙන් “නිර්මල ප්‍රකාශන” නාමය යටතේ පාඨකයා අතට පත්වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සාහිත්‍ය මාසය තුළ “කොළඹ පොත් ප්‍රදර්ශන” පරිශ්‍රයේ පිහිටි ප්‍රදර්ශන කුටි තුළින්, බොරැල්ල නිර්මල ප්‍රකාශන වෙතින් සහ දිවයිනේ ප්‍රසිද්ධ පොත්හල්වලින් මෙම කෘතිය ලබාගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment