මහාචාර්ය ඒකකය කුරුණෑගලට ගෙනයනවාට එරෙහිව කුලියාපිටියේ උද්ඝෝෂණයක්… මේ සම්පත ගැලැව්වොත් ජන අරගලයක් කරනවා

183

කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට අනුබද්ධ මහාචාර්ය ඒකකය, වයඹ දේශපාලන බලවතුන් පිරිසකගේ ඕනෑකම් මත කුරුණෑගලට ගෙනයෑමට විරුද්ධව ශික්‍ෂණ රෝහල සුරැකීමේ සංවිධානය මගින් සංවිධානය කරන ලද දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (16 දා* කුලියාපිටිය නගරයේදී පැවැත්විණි.
 
 මෙම අවස්ථාවට සියලූ ආගමික නායකයන් සමඟ එක්සත් ජාතික පක්‍ෂ, සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන්, සංවිධායකයන් හා පාක්‍ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
 මෙහිදී නගරය පුරා කළු කොඩි ඔසවා තිබූ අතර නගරය පුරා තැනින් තැන රතික්‍ඳ්ක්‍ඳා පත්තු කරනු දක්නට ලැබිණි.
 
 එම රැුස්වීම ඇමතූ කුලියාපිටිය විiාවිනෝද පරිවේණාධිපති, පූජ්‍ය ඇපලදෙනියේ සුමනසිරි හිමි:

sanga
 
 කුලියාපිටියට ලැබුණු වෛi පීඨය වෙනුවට වෛi නිලධාරීන්ගේ සංගමය පශු වෛi ඒකකයක් දෙන්න යෝජනා කරන බව ආරංචියි. ඒ අය හිතනවා ඇති මෙහෙ ඉන්නේ හරක් කියලා. ඒකනේ මේ පළාතෙවත් නැති අයට ඡුන්දෙ පවා දුන්නේ. කුලියාපිටියේ මේ මහජන සම්පත ගැලෙව්වොත් මහා ජන අරගලයක් ඇතිවෙන බව රජය මතක තබා ගත යුතු යැයි පැවසූහ.
 
 ශ‍්‍රී ලංකා රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ කාරක සංඝ සභික පූජ්‍ය පණ්ඩිත කරකොලේ පියදස්සී නාහිමි:
 
 මේ රටේ මිනිසුන්ට කුමන හෝ බලයක් ලැබුණු විට උන් උන්මත්තකයෝ වෙනවා. මේක අතීතයේ සිටම පැවත එන දෙයක්. දැන් දේශපාලකයෝ ඉන්නේ බූරුවන්ට අං බැන්දා වගෙයි. බලය අරගෙන බලය දුන් අයගේ දේම හොරාගැනීම වසල ක‍්‍රියාවක් අපි ආණ්ඩුවට කියන්නේ මේක වසල ආණ්ඩුවක් කරගන්න එපා කියලයි.
 
 හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා (එජාප*
 
 අපේ ආණ්ඩුව කාලයේ මේ වෛi පීඨ, ශික්‍ෂණ රෝහල් කුලියාපිටියට ගත්තේ මට ප‍්‍රයෝජන ගන්න නොවෙයි. ජනතාවගේ මුදලින් ජනතාවට ප‍්‍රයෝජනයට ගැනීමටයි. මේවාට දේශපාලනය ගාවාගන්න එපා. විශේෂ ප‍්‍රතිකාර සඳහා මේ ප‍්‍රදේශවලින් සිය ගණන් රෝගීන් රාගම, කොළඹ, කුරුණෑගල රෝහල් වෙත යනවා. වයඹ පළාත මධ්‍යයේ පිහිටි දෙවන උප නගරය මේක. මෙහි ශික්‍ෂණ රෝහලක් පිහිටුවීමට සුදුසුම ස්ථානයක්. දැනටමත් කැබිනට් හා විශ්වවිiාල ප‍්‍රතිසංස්කරණ කොමිසමෙන් අනුමැතිය ඇතුව රුපියල් කෝටි ගණනක මහජන මුදල් වැය කරපු ව්‍යාපෘතියක්. මේ දේශපාලන පලිගැනීම් කරන්නේ මේ ආණ්ඩුව බලයට ගේන්න වෙහෙසුන ජනතාවගෙන්.
 
 නාමල් කරුණාරත්න මහතා (ජවිපෙ*
 
 මේ සඳහා මහජන මුදල් කෝටි ගණනක් වැය කරලයි තියෙන්නේ. බලය ලැබුණු පලියට මහජන මුදල් මත උඩ පිනුුම්, බඩ පිනුම් ගහන්න හදන්න එපා. වෛi පීඨය කුලියාපිටියේ නම්, ශික්‍ෂණ රෝහල කුලියාපිටියේ නම් ඇයි මහාචාර්ය ඒකකය කුරුණෑගලට ගෙනියන්නේ. මේවාට තමයි දේශපාලන කුහකකම් කියන්නේ.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා (සජබ*
 
 අද පාදෙනියලා විශ්වවිiාල කොමිසමේ තීරණ පවා ගණන් නොගන්නා බලවතුන් ද? සෞඛ්‍ය ඇමැතිවරිය අද කියනවා මේ සඳහා කොමිසමෙන් අනුමත කරගෙන නෑ කියලා. රෙද්දක් ඇඳගෙන කියන කතා ද මේ. මේ අසාධාරණ තීන්දුව හකුලා ගන්නාතුරු අපි පාට පක්‍ෂ කිසිවක් නොබලා එක දිගටම සටන් කරනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා (සජබ* –
 
 හම්බන්තොට මිනිසුන්ට සත්කෝරළේ අගය තේරෙන්නේ නැ. අපි මේ සටන් කරන්නේ සත්කෝරළයට ආදරය කරන මිනිසුන් සමඟයි. පාට, පක්‍ෂ භේදයකින් තොර පොදු අරමුණක් සඳහායි. මේවා රජයේ සාහසික ක‍්‍රියා. පරපුරම එකතු වී රට විකුණාගෙන කා නැවත නොඑන්න ගන්නා සාහසික කි‍්‍රයා. මේක දේශපාලන සටනක් නොවෙයි, මේ පළාතේ සම්පතක් රැුක ගැනීමේ සටනක්. මතක තියාගන්න මේ සටනට ඉන්නේ කුලියාපිටිය පමණක් නොවෙයි. කටුගම්පල, දඹදෙණිය, බිංගිරිය, පඬුවස්නුවර, නිකවැරටිය, වාරියපොල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ලක්‍ෂ ගණනක ජනතාවක් බලා ඉන්නවා. ශික්‍ෂණ රෝහල, වෛi පීඨය, මෙහෙ තියෙද්දී මහාචාර්ය ඒකකය කුරුණෑගල හැදීම දුන්න දුනුගමුවේ, චන්දෙ කුරුණෑගල, රාළ හම්බන්තොට වගේ.
 
 සම්පත් කැටවලගෙදර මහතා (ශ‍්‍රීලනිප* –
 
 මොන පක්‍ෂයකින් හෝ මේ ප‍්‍රදේශයට , මෙහි ජනතාවට කිසියම් සම්පතක් ලැබෙයි නම් ඒවාට පාට පක්‍ෂ තවරන්න අවශ්‍ය නෑ. දිස්ත‍්‍රික් නායකයන් යැයි කියාගන්නා ජොන්ස්ටන් ඇමැතිලා අද කොල්ලකරුවන් වෙලා. අනුන්ගේ සම්පත් කොල්ලකනවා. මේවා උන්මත්තක ක‍්‍රියා. මේ මැති ඇමැති ජෝඩුව අද එකුවෙලා අලූතෙන් ආව තරුණ මන්ත‍්‍රීවරයාගේ බෙල්ල මුලින්ම කපල දමලා. අද ඔහුට කරකියා ගන්න දෙයක් නැ. අද පාක්‍ෂිකයෝම මූණට බණිනවා.
 
 කුලියාපිටිය කකරගම දේවාලයේ ජයරාමන් කුරුක්කල්තුමා, එන් එම්. රිනොෂ් මව්ලවිතුමා ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment