මහාචාර්ය නීලිකාගෙන් ඩලස් සමාව ඉල්ලයි

449

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කළ ප‍්‍රකාශයක් විකෘති කර මාධ්‍යවල පළ කිරීමෙන් ඇයට සිදුවූ සිත් වේදනාවට මාධ්‍යවේදීන් වෙනුවෙන් තමා පෞද්ගලිකවම ඇයගෙන් සමාව ගත් බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා සිය මුහුණුපොතේ සටහනක් තබමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්ත්වයෙන් ගිලන් වී ඔත්පල වී සිටින මොහොතක සිය සහෝදර පුරවැසියන් එයින් මුදා ගැනීම සඳහා ඇයගේ දැනුම, හඬ, පෞරුෂය කැප කරන සමාජ නායිකාවක්. ඉහත ආන්දෝලනයට පාදක වූ ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ වෙබ් සම්මන්ත‍්‍රණයේදී ඇය විසින් කරන ලද මුළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ‍්‍රවණය කළා.

එම නිසාම ඇය විසින් කළ ප‍්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදු වූ හානිය මෙන්ම සිත්වේදනාවද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියලූ දෙනාම සංවේදී විය යුතුයි. එම නිසා මා සියලූම මාධ්‍ය මිත‍්‍රයන් වෙනුවෙන් ඇයට ඊයේ දිනයේ පුද්ගලිකව ආමන්ත‍්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා.

එම නිසා මේ අත්වැරැද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනුවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියලූම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment