මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගෙන් කෘති දෙකක්

391

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් රචිත සම්භාව්‍ය සාහිත්‍ය විචාර (සංක්‍ෂිප්ත විවරණ) කෘතිය සහ සිංහල සංදේශාවලියේ ඉමහත් සම්භාවනාවට පත් හංස සංදේශය (සරල සංස්කරණය) නුගේගොඩ සරසවි ප‍්‍රකාශන ලෙස පසුගියදා මුද්‍රණයෙන් නිකුත් විය.

දිගු කලක් තිස්සේ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරින් ලද පරිචය ද ලේඛනයෙහි උන්වහන්සේ විසින් දක්වන කුසලතාවයද මනාව ඔප් නංවන ආකාරයෙන් රචනාකොට ඇති සම්භාව්‍ය සාහිත්‍ය විචාර කෘතිය අදාළ විෂය සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාඨක විචාරක දෙපාර්ශ්වයට ම එකසේ වැදගත් කෘතියකි.

…………………………….

සිංහල සංදේශාවලිය තුළ ඉමහත් සම්භාවනාවට පත් හංස සංදේශය වත්මන් පාඨක ප‍්‍රජාව වෙත වඩාත් සමීප කරවීමේ අරමුණින් මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් හංස සංදේශය (සරළ සංස්කරණය) කෘතිය සම්පාදනය කර ඇත.

අර්ථ – සන්න පරිකථා ආදියෙන් යුක්තව සම්පාදනය කරන ලද මෙම කෘතිය හංස සංදේශ කතුවරයාගේ කවීත්වය හා වර්ණනා රස විඳීම ප‍්‍රිය කරන ගුරු – සිසු දෙපාර්ශ්වයට ම එකසේ වැඩදායක කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment