මහාචාර්ය බුද්ධි මාරඹේ ඉවත් කිරීම ගැන සජබ විරෝධය

481


කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි ප‍්‍රතිපත්ති සභාවේ ප‍්‍රධානී මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම ධුරයෙන් ඉවත්කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගත් තීරණයට සමගි ජනබලවේගය පක්ෂය දැඩි විරෝධය පාන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.ආණ්ඩුුවේ කාබනික පොහොර වැඩසටහන විවේචනය කිරීම සම්බන්ධව මෙලෙස ඒ මහතා ඉවත් කිරීමට හේතුවී ඇතැයි පවසන රංජිත් මද්දුම බණ්ඩාර මහතා බුද්ධිමතුන්ගේ කාර්යය සිය දැනුම සහ බුද්ධිය මෙහෙයවීම මිස ආණ්ඩුවේ අවශ්‍යතා මත සත්‍යය අසත්‍යය කිරීම නොවේයැයිද රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


advertistmentadvertistment
advertistmentadvertistment