මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නම විකුණූ අයට ඇප

166

අහංගම – සුගතපාල දීයගහගේ
 
 ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිට ප‍්‍ර‍්‍රසිද්ධ නිළියකට ජංගම දුරකථනයෙන් කතා කර චිත‍්‍රපටයක රඟපෑමට තෝරාගත් බව පවසා  ලිංගික කි‍්‍රයා පිළිබඳ ප‍්‍රශ්න කරමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට පුද්ගලයකුට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටි සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සෑම මසකම පළමුවන ඉරිදා සහ අවසන් ඉරිදා වරාය පොලිසියට වාර්තා කරන ලෙසටත් ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනි පතිරණ මහත්මිය ඊයේ නියෝග කළාය.
 
 මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ චිත‍්‍රපට සහකාර අධ්‍යක්ෂවරයකු බව කියන බෙන්තොට ගෝනගලපුර පදිංචි වත්තෝරු තන්ති‍්‍රගේ රවින්ද්‍ර නමැති 46 හැවිරිදි සැකකරුවෙකි.
 
 චිත‍්‍රපට නිළියක් වූ කාන්තාවකට වචනයෙන් ලිංගික හිරිහැර සහ ලිංගික කි‍්‍රයාවලිය පිළිබඳ ප‍්‍රශ්න කර අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අන් අයකු ලෙස පෙනී සිට කුමන්ත‍්‍රණය කිරීම එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බන්ධනාගාරගත කර තිබිණ. වරාය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතා විසින් අධිකරණයට වැඩිදුර වාර්තා ඉදිරිපත් කරන ලද අතර සැකකරු වෙනුවෙන් පුලස්ති සිල්වා, සමන් රංචාගොඩ යන නීතිඥවරුන් පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment