මහාචාර්ය ළමාවංශ අද පේරාදෙණිය උපකුලපති ධුරයේ වැඩ භාර ගනී

648

මහාචාර්ය එම්.ඞී ළමාවංශ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයේ අද (04දා* පෙරවරු 8.30 ට වැඩ භාර ගැනීමට නියමිතය.

 වෛද්‍යවරයකු ලෙස වසර 36 ක් සේවය කළ ළමාවංශ මහතා 1991 සිට විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි.වයඹ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපති වූ ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කළේය.

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා මහාචාර්ය ළමාවංශ මහතාට අමතරව වත්මන් නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක‍්‍රම ඒකනායක හා ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංජිත් දිසානායක යන මහත්වරුන්ගේ නම් පාලක සභාව මගින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර තිබිණි.එම නම් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ජනපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු සුදුසු අයකු උපකුලපති ධූරයට පත්කිරීම ජනපති අභිමතය පරිදි සිදුකළ හැකිය.

 ඒ අනුව ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය එම්.ඞී ළමාවංශ මහතා උපකුලපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ ඇති අතර ඉදිරි වසර තුනක් සඳහා ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයේ කටයුතු කරයි.

 මාතර හක්මන බටදොළ කනිෂ්ඨ විද්‍යාලය,දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලය හා වීරකැටිය රාජපක්ෂ විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ඇති ළමාවංශ මහතා රුහුණු විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා තිබේ.

 මහාචාර්ය ළමාවංශ මහතා උපකුලපති ධූරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට හිටපු උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා ප‍්‍රමුඛ සියලූ‍ පීඨාධිපතිවරුන් හා ආචාර්ය මහචාර්යවරුන් සහභාගි වීමට නියමිතය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment