කුඩු සමග අල්ලාගත් කුඩ්ඩා සොරකම් වැලක් වමාරයි…. මහාධිකරණ විනිසුරුවරයකුගේ හා ගුවන් නියමුවකුගේ නිවාස බිඳ කොල්ලකෑ ලක්ෂ 09 ක රන් භාණ්ඩ හා මුදල් සොයා ගනී

1069

මිරිහාන පොලිස් වසමේ සහ තලංගම පොලිස් වසමේ පදිංචි මහාධිකරණ විනිසුරුවරයෙකුගේ හා ගුවන් නියමුවකුගේ මෙන්ම මාලදිවයින් ජාතික පුද්ගලයෙකුට අයත් නිවාසයන් රාත‍්‍රී කාලයේදී බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න විදෙස් මුදල් මෙන්ම මෙරට මුදල් සහ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සමග නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් වසම ආවරණය වන පරිදි මාදිවල ප‍්‍රදේශයේ රාත‍්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී සිගේරා පාර, මාදිවෙල සමනල හෝටලය අසලදී සැකකටයුතු අන්දමින් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත‍්‍රීරෝද රථයක් නවතා එය පරීක්ෂා කිරීමේදී රථය පදවාගෙන පැමිණි රියදුරු සන්තකයේ තිබී මත්කුඩු ග‍්‍රෑම් 05 මිලිග‍්‍රෑම් 470 අත්අඩංගුවට ගත් බවත් ඉන්පසුව සැකකරු කොට්ඨාශය අපරාධ මෙහෙයුම් ඒකකය වෙත රැගෙනවිත් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී සිදුකර තිබූ සොරකම් රැුසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවසීය.

කුඩු සමග අල්ලාගත් කුඩ්ඩා සොරකම් වැලක් වමාරයි.... මහාධිකරණ විනිසුරුවරයකුගේ හා ගුවන් නියමුවකුගේ නිවාස බිඳ කොල්ලකෑ ලක්ෂ 09 ක රන් භාණ්ඩ හා මුදල් සොයා ගනී

සැකකරු විවාහවී සිටි බිරිඳ පුරුෂයෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වන බවට මිතුරකු විසින් පැවසීමත් සමග සිදුවූ ආරවුල් හා බහින්බස්වීම් මත බිරිඳ සැකකරුව අතහැර යාමෙන් පසුව සිත් රිදීමට හා කළකිරීමට පත්ව හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහිවී ඇති බවත් මත්කුඩු පානය කිරීම සඳහා මුදල් නොමැතිවූ අවස්ථාවලදී රාත‍්‍රී කාලයේ නිවාසවලට හොර රහසේ ඇතුළුවී මුදල් සහ රන්භාණ්ඩ සොරකම් කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

තලංගම පොලිස් වසමේ සාලින්ද දිසානායක මාවත, තලවතුගොඩ ප‍්‍රදේශයේ පිහිටි ගෝල්ඩන් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින මහාධිකරණ විනිසුරුවරයෙකුගේ නිවස බිඳ රුපියල් 16,000/= කට අධික මුදලක් සහ එම ප‍්‍රදේශයේම මාලදිවයින් ජාතික පුද්ගලයෙකු පදිංචිව සිටි නිවස බිඳ රුපියල් 62,000/= ක පමණ මෙරට මුදල් හා විදෙස් මුදල් තොගයක් සොරකම් කර ඇති බවත් මෙම සොරකම් දෙකම එකම දිනයකදී සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

මිරිහාන පොලිස් වසමේ ඔබහේන පාර, මාදිවෙල ප‍්‍රදේශයේ පදිංචි පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවකු වශයෙන් සේවය කරන අයෙකුගේ නිවසට අයුතු ලෙස ඇතුළුවී රුපියල් ලක්ෂ 09 කට අධික රන් ආභරණ සොරකම් කර ඇති බවත් තලවතුගොඩ පාර, මාදිවෙල, කෝට්ටේ ලිපිනයෙහි පදිංචිකරුවෙකුගේ නිවස බිඳ දේපළ සහ මුදල් කොල්ලකා ඇති බවට සැකකරු විසින් පාපොච්චාරණයක් කළ බවත් පොලිසිය පවසයි.

37 වන වියේ පසුවන සැකකරු කුලී ත‍්‍රිරෝද රථ රියදුරකු වශයෙන් සේවය කරන බවත් ජෝතිකාරාම පාර, තලවතුගොඩ ලිපිනයේ ස්ථිර වශයෙන් පදිංචිව සිට ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුගේ බිරිඳ හැර යාමට පෙර ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව ඇතැයිද සිදු කළ මූලික පරීක්ෂණවලදි තහවුරු වූ බවත් පොලිසිය පවසයි. සැකකරුට ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද විවෘත වරෙන්තු ඇති බවත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි. සොරකම් කරන ලද රන් භාණ්ඩ නුගේගොඩ සහ කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික උකස් ගැනීමේ මධ්‍යස්ථානයන්හි උකස් තබා තිබියදී සොයාගත් බවත් සොරකම් කරන ලද මුදල් වලින් දිනපතා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් මිතුරන් සමග හෙරොයින් මත්කුඩු පානය කර ඇති බවද පොලිසිය පැවැසය. සැකකරු ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී හේවගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජනක ජයලත්, පොලිස් සැරයන් 61844 අනුර, පොලිස් කොස්තාපල් 69080 ප‍්‍රමිල, 76917 සෙනෙවිරත්න, 93377 ත‍්‍රිමාන්න, 85163 හේරත්, 96824 හර්ෂ, 97022 ජයකොඩි යන නිලධාරින් විසින් සිදුකරනු ලබයි.

එස්.ඞී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment