මහානාම ක්‍රීඩකයෝ අරවින්ද කුසලාන දිනති

245

කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවැති රන් මහා සටනේ එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 119 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මහානාම විද්‍යාලය පෙරේදා (08 වැනිදා) සමත්විය.

ඒ අනුව මහානාම විද්‍යාලය 10 වැනි වරටත් එක්දින මහා ක්‍රිකට් තරගය ජයගත් අතර, මෙම එක්දින තරග ජයත් සමඟ මහානාම විද්‍යාලය නොකඩවා එක්දින මහා තරග 6 ක් ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණය කර තිබේ.

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

ලකුණු සාරාංශය

කොළඹ මහානාම විද්‍යාලය – 327/5 (50), කවිඳු අමාමෙත් – 78, අංජල බණ්ඩාර – 66, ඉනුක කරන්නාගොඩ – 57, සචිර වැලිවත්ත – 44, සිනෙත් මල්වත්තගේ 2/42

ඩී. එස්. සේනානායක විදුහල – 208 (41.3): ගවිරු සෙන්හස් – 124, හිමන්ත කේෂාන් – 25, චාමික හීනැටිගල 2/26, සචිර වැලිවත්ත 2/26, දුවිඳු රණතුංග 2/54

තරගයේ වීරයා – සචිර වැලිවත්ත (මහානාම විද්‍යාලය)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – චාමික හීනැටිගල (මහානාම විද්‍යාලය)

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – ගවිරු සෙන්හස් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා – දසිත් ගුණතිලක (මහානාම විද්‍යාලය)

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment