මහාවංශය ලියද්දී යුද ජයග‍්‍රහණය සුරංගනා කතාවක් කරලා – සරත් ෆොන්සේක කියයි

454

යුද හමුදාව ප‍්‍රමුඛ ආරක්ෂක අංශ එල්.ටී.ටී.ඊ.ය පරදා ලද යුද ජයග‍්‍රහණය මහාවංශය හයවැනි වෙළුම රචනා කරද්දී සුරංගනා කතාවක් බවට පත් කොට ඇතැයි ද එබැවින් මහාවංශය විහිළුවක් නොකොට එහි සඳහන් කළ කරුණු නිවැරදි කරන්නැයි සමගි ජනබලවේගය මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03 දා* කීය. මහාවංශය රචනා කරද්දී යුද ජයග‍්‍රහණය සම්බන්ධයෙන් කරුණු 76 ක් දෝෂ සහිත බවට තමා විසින් සටහන් කරගත් බවත් යුද ජයග‍්‍රහණය සම්බන්ධයෙන් තමන් ද පිටු 750 කින් යුතු පොතක් ලිවීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂයට එක්වෙමින් පැවසීය.

යුද ජයග‍්‍රහණය රචනා කිරීමේදී මහාවංශයේ වෙන් කර ඇත්තේ පිටු 71 ක් බවත් එය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවත් අඩුම තරමින් පිටු 250 ක් හෝ 300 ක් වත් ලිවීමට තිබූ බවත් කී මන්තී‍්‍රවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට නිසි පියවර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

මෙය රචනා කොට ඇත්තේ මහාචාර්යවරුන් පිරිසක් වුවත් හතරවැනි ඊළාම් යුද්ධය සම්බන්ධයෙන් හමුදාව කරන ලද මෙහෙයුම් ඉතා බොළඳ ලෙස දක්වා ඇති බව ද ඔහු කීවේය. එම මහාචාර්යවරු අදාළ තොරතුරු සටහන් කරගෙන ඇත්තේ එම යුද්ධයට සම්බන්ධ වූ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකුගෙන් වුව ද ඒවා බොහොමයක් අසත්‍ය යැයි ද හෙතෙම කීය.

එලෙස බොළඳ දේ ලිවීම රට වෙනුවෙන් දිවි පි¥ රණවිරුවන්ට කරන අගෞරවයක් බවත්, යුද්ධයේ සිටි සාජන් මේජර්වරයකුගෙන් හෝ මාධ්‍යවේදියකුගෙන් කරුණු ඇසුවේ නම් මීට වඩා වැදගත් ලෙස ලිවීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

යුද්ධයට දායක වූ වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම සඳහන් කොට ඇත්තේ තැන් දෙකකදී පමණක් බවත් ඔහුට එක් අවස්ථාවකදී පස් බැම්මක් හමුවූ බවත් පසුව ඔහු සම්බන්ධ නොවූ මෙහෙයුමක් ගැන ද සඳහන් කර ඇති බවත් හෙතෙම කීය.

වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ගැන පේළි තුනක් පමණක් එක් ස්ථානයක පමණක් ලියා ඇතැයි ද කී සරත් ෆොන්සේකා මහතා එවකට හමුදාපතිව සිටි තමා කි‍්‍රයාකළ ආකාරය ගැන පොඩි දරුවන් ලෙස ලියා ඇතැයි ද කියා සිටියේය.

මෙහි සම්පූර්ණ වැරදි තොරතුරු ලියා ඇති බැවින් වත්මන් හමුදාපති සහ ආරක්ෂක ලේකම් මෙම වෙළුමේ පිටපතක් ලබාගෙන කියවා බලන්නැයි ද මෙම වෙළුම සම්පූර්ණයෙන්ම නිවැරදි කරන්නැයි ද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment