මහා පරිමාණ වැලි කැණීමෙන් ඉරණමඩු ජලාශය අනතුරේ

158

කිලිනොච්චිය ඉරණමඩු ප‍්‍රදේශයේ වැලි කැණීම් කටයුතු හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

විශේෂයෙන්ම ඉරණමඩු ජලාශය ආශ‍්‍රිත ප‍්‍රදේශවල මෙම අනවසර වැලි කැණීම් කටයුතු සිදුවන බව ඔවුන් කියයි. එමගින් අනාගතයේදී ජලාශයටද විශාල තර්ජනයක් එල්ල විය හැකි බව ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හා නිරීක්ෂණය කිරීමට රාජ්‍ය නිලධාරීන්, වාරි ඉංජිනේරුවරුන් ඇතුළු කණ්ඩායමක් අදාළ වැලි කැණීම් කටයුතු සිදුකර ඇති ප‍්‍රදේශවල සංචාරය කොට තිබේ.

ඒ අනුව ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ අදාළ පරිසර විනාශය හැකි විගස නවතා දෙන ලෙසයි.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment