මහින්දගේ පුරප්පාඩුවට එන්නේ ලලිත්

696

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා ඉදිරියේදී ඉල්ලා අස්වීමේදී ඇතිවන පුරප්පාඩුව සඳහා කළුතර දිස්ත‍්‍රික් හිටපු පළාත් සභා මන්ත‍්‍රී ලලිත් වර්ණකුමාර මහතා පත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත බැවින් හිස් වූ එම පුරප්පාඩුව සඳහා ඉකුත් මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප 46542 ක් ලබා ලැයිස්තුවේ නව වැනි ස්ථානය ලැබූ ලලිත් වර්ණකුමාර මහතා මෙසේ සුදුසුකම් ලබා ඇත.

ලලිත් වර්ණකුමාර මහතා ඉකුත් 2006 වසරේ මදුරාවල ප‍්‍රා. සභාවේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් 2009 සිට වසර දහයක් පළාත් සභා මන්තී‍්‍රවරයකු ලෙස කටයුතු කළේය. ඒ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙහි දිව්රුම් දීම සිදුවන්නේ ලබන අයවැයෙන් පසුව බව ආරංචිමාර්ග සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment