මහින්දගේ 77 වැනි උපන්දිනය අද

219

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 77 වැනි ජන්ම දිනය අදට (18 දාට) යෙදී ඇත.

ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ සහ දන්දිනා රාජපක්‍ෂ මහත්මියගේ දෙවැනි දරුවා ලෙස 1945 නොවැම්බර් මස 18 වැනිදා උපත ලද මහින්ද රාජපක්‍ෂ මහතා 1970 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජයගෙන මෙරට ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස පළමුවරට පාර්ලිමේන්තුවට තේර පත්විය.

ඉන් අනතුරුව 1977 සිට 17 වසරක් පැවැති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙරලා දැමීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ මහින්ද රාජපක්‍ෂ මහතා පාද යාත්‍රා, ජනඝෝෂා ආදී මහජන විරෝධතා සංවිධාන කරමින් 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණේ රජයක් බිහිකිරීමට දායක වූ අතර එම රජයේ කම්කරු ඇමැතිවරයා ලෙස පත් විය. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා කම්කරු ප්‍රඥප්තිය නීතිගත කිරීම තුළින් වැඩකරන ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර විය.

දෙවරක් විධායක ජනාධිපතිවරයා ලෙස ද තුන්වරක් අගමැතිවරයා ලෙස ද දෙවරක් විපක්‍ෂ නායකවරයා ලෙස ද කටයුතු කර ඇති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක් හොබවයි. ඔහු මෙරට ක්‍රියාකාරී දේශපානයේ නිරතව සිටින අත්දැකීම් බහුලම දේශපාලන නායකයාය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment