මහින්දට-ගෝඨාට කැනඩාවෙන් සම්බාධක පැනවීම:

798

කැනඩා රජය ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට සම්බාධක පනවා ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හෝ ලොව කිසිදු අධිකරණයක් හෝ කැනඩා අධිකරණය හෝ ඔවුන්ට එරෙහි පරීක්ෂණ පවත්වා වරදකරුවන් යයි තීන්දු කර නැති විටෙක බව හෙළි වී ඇත.

ඔවුන් දෙදෙනාට එරෙහිව මෙතෙක් කිසිදු අධිකරණයක නඩුවක් ගොනු වී නැත.

එසේම මෙම සම්බාධක පැනවීම කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෙත දැනුම් දීමක් කර නැති අතර සම්බාධක පනවන බව කැනඩා ද්‍රවිඩ ඩයස්පෝරාව කල්තියා දැනගෙන තිබිණි.

ඩයිලන් රොබට්සන් නමැති කැනඩා මාධ්‍යවේදියා පැවසුවේ කැනඩා රජය සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකා මහකොමසාරිස්ට සෘජුව දැනුම් නොදීම ප්‍රශ්නයක් බවයි.

මේ අතර මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කර ඇත්තේ කැනඩා රජයයි. එම දෙදෙනාට ඇති මුක්තිය පිළිනොගන්නා බව කැනඩා රජය කියා සිටියි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment