මහින්දට, ගෝඨාට කැනඩාව තහනම්

142


කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා ඇත.

මෙරට සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින් කැනඩාව විසින් මෙලෙස ඔවුන්ට සම්බාධක පනවා තිබේ.

මෙලෙස සම්බාධක පැනවූ අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන දෙදෙනාය.

ඊට අමතරව ඔවුන්ට කැනඩාවේ යම් හෝ දේපළ ඇත්නම් ඒවා රාජසන්තක කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment