මහින්දට බැසිල්ට උසාවි අවසර නැතිව 28 දා තෙක් රට යන්න බෑ

131

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ට ලබන 28 දා දක්වා තම අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය (15 දා) පස්වරුවේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

රට ආර්ථික පරිහානියට ලක් කිරීමට හේතුපාදක වූ අදූරදර්ශී තීන්දු තීරණ ගත් පිරිසට එරෙහිව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට බලකරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර එකඟතාවය අනුව එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එල්.ටී.බී. දෙහිදෙනිය යන විනිසුරු මඩුල්ල හමුවේදී එම පෙත්සම කැඳවූ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා එකී වගඋත්තරකරුවන් දෙදෙනාට විදේශ ගමන් වළක්වන ලෙස දීර්ඝ ලෙස කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

වැඩිදුර සලකා බැලීම ලබන 27 වැනිදා දක්වා කල් තැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment