මහින්දට – මෛත‍්‍රීට ජනාධිපති විශ‍්‍රාම වැටුප අහිමි වෙයි

2202

වසර 10 ක් නැත්නම් මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුපත් නැහැ

බිලියන 8 ක් ගන්න සිගරට් රු 5 කින් ඉහළට බිලියන 25 ක් සුරාබදුත් නංවයි

අනතුරට ලක්වන වාහනවලින් රජයට ගාස්තුවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳන්න අමතරව රු. මිලියන 30000 ක්

ඖෂධ මිල ස්ථාවර කරන්න යාන්ත‍්‍රණයක්

ඇමැතිලාගේ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන ලීටර් 5 ක් කපයි

රාජ්‍ය සේවක විශ‍්‍රාම යන වයස අවුරුදු 65 කෙරේ

රාජ්‍ය ආයතන දුරකථන බිල 25‍%‍ කින් කපයි

වැඩිම වියදම විදෙස් ණය පොලී ගෙවන්න

ත‍්‍රීරෝද රථ නියාමනය කෙරේ

රාජ්‍ය සේවයට නව වැටුප් ව්‍යුහයක්

අලුත් ව්‍යාපාර ලියාපදිංචියට ගාස්තු නෑ

ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා වසර දහයක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පෙරේදා (12දා) 2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය. දැනට වසර 05 ක් සිය ධුරය දැරීම විශ‍්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකමවේ.

මෙම යෝජනාවට අනුව තම පක්‍ෂයේ ජනාධිපතිවරුන් දෙදෙනකුට විශ‍්‍රාම වැටුප් අහිමි වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට සහ දිවංගත ආර්. පේ‍්‍රමදාස මහතාගේ බිරිඳ වන හේමා පේ‍්‍රමදාස මහත්මියටද විශ‍්‍රාම වැටුප් අහිමි වීමේ අවිනිශ්චිත බවක් පවතී.

එසේම ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට මාසිකව ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණයෙන් ලීටර් 05 ක් අඩු කිරීමටත් රාජ්‍ය ආයතනවල අලූතින් ගොඩනැ`ගිලි ඉදිකිරීම වසර දෙකකින් කල්දැමීමටත් යෝජනා කළේය.

රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම යෑම වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීමටත් රාජ්‍ය සේවයේ වැටුප් විශ‍්‍රාම ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීමටත් යෝජනා කළ අතර අලූත් ව්‍යාපාර ආරම්භ කරන විට ලියාපදිංචි ගාස්තු අය නොකිරීමටත් රාජ්‍ය ආයතනවල දුරකථන වියදම් සියයට 25 කින් කපා හැරීමටත්, ත‍්‍රිරෝද රථ සඳහා නියාමනයක් ඇති කිරීමටත් ඖෂධ මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට මිල යාන්ත‍්‍රණයක් ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ යෝජනා කඩිනම් කිරීමටත් යෝජනා කළේය.

රජයට ඇති වැඩිම වියදම විදේශ ණය සඳහා පොලී ගෙවීම බවත් මේ වන විට රජය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක ජාත්‍යන්තර බැඳුම්කර දෙකක් ගෙවා අවසන් කර ඇති බවත් මුදල් ඇමැතිවරයා පැවසීය.

2021 වසරේ අයවැයෙන් යෝජනා කළද ක‍්‍රියාත්මක නොවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කෙරේ.

උපාලි ද සේරම්, අනුර බාලසූරිය, අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment