මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම මෙරටදී එකලස් කල නවතම Bolero City Pik-Up රථය හදුන්වා දෙයි

441

ශ්‍රි ලංකාවේ පළමු වරට නිෂ්පාදනය කළ වාණිජ රථය ලෙස Mahindra Bolero City Pik-Up රථය වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර මෙය ලංකාවේ දැනට භාවිත 1.4 T එකම සැහැල්ලූ ට්‍රක් රථයද වේ. මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම විසින් මෙරටදී එකලස් කරන ලද Mahindra Bolero City Pik-Up රථයේ පළමු ගැණුම්කරු වන සුරේන් කුක් එජන්සීස්හි අධ්යක්ෂ සුරේන් කුක් මහතා වෙත ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඞ් මහින්ද්‍ර සමාගමේ රථවාහන අංශයේ ප්‍රධාන විධායක නිලධාරි විජේ නක්රා, අයිඩියල් ව්‍යපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම යන මහත්වරුන් විසින් බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ මහින්ද්‍ර ඇන්ඞ් මහින්ද්‍ර සමාගමේ රථවාහන අංශයේ ජාත්යන්තර මෙහෙයුම් ප්‍රධානී සචින් අරොල්කාර්, අයිඩියල් ව්‍යාපාර සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරුද ඡායාරූපයෙ වෙති.

මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම මෙරටදී එකලස් කල නවතම Bolero City Pik-Up රථය හදුන්වා දෙයි

මහින්ද්‍ර අයිඩියල් ලංකා සමගම විසින් මෙරටදී එකලස් කරන ලද Mahindra Bolero City Pik-Up රථය ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඞ් මහින්ද්‍ර සමාගමේ රථවාහන අංශයේ ප්‍රධාන විධායක නිලධාරී විජේ නක්රා, අයිඩියල් ව්යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම යන මහත්වරුන් විසින් හදුන්වාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ශ්‍රි ලංකාවේ පළමු වරට නිෂ්පාදනය කළ වාණිජ රථය ලෙස Mahindra Bolero City Pik-Up රථය වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර මෙය ලංකාවේ දැනට භාවිත 1.4T එකම සැහැල්ලූ ට්‍රක් රථයද වේ

Mahindra & Mahindra Ltd. (M&M Ltd.) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කළ නවතම Bolero City Pik-Up රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දීම බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා සිදුවිය.

මේ අනුව, Bolero City Pik-Up රථය මෙරටදීම එකලස් කොට නිෂ්පාදනය කළ ප්‍රථම වාණිජ රථය බවට පත්වනු ඇත. මෙහි සියලූ නිෂ්පාදන කටයුතු සිදු කෙරුණේ 2019 වසරේ විවෘත කළ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි Mahindra Ideal Lanka Automotive Assembly Plant නම් වූ මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේදීය. මෙම රථය වෙළඳපොළට හඳුන්වා දීම වෙනුවෙන් කොළඹ පැවති උත්සවයේදී මෙහි පළමු රථ 5 පාරිභෝගිකයන් වෙත ලබා දීම සිදු විය.

Mahindra ideal lanka යනු ශ්‍රිලංකාවේ කුඩා පරිමාණ වාණිජ රථවාහන නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර මෙම හඳුන්වා දීමත් සමඟ එම ස්ථාවරය තව දුරටත් තහවුරු කරන්නට සමාගමට හැකියාව ලැබී ඇත. වසංගත තත්ත්වය හමුවේ වුවද ක්‍රමානුකූලව වෙළඳපොළ යළි විවෘත වෙමින් පවතින වාතාවරණයක් තුළ මෙරට වාණිජ වාහන සඳහා ඇති ඉල්ලූමද සැලකිය යුතු අයුරින් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට ඇති සත්යයකි. විශේෂයෙන්ම සැහැල්ලූ ට්‍රක් රථ වර්ගයේ වාහන සඳහා ඇති ඉල්ලූම සපුරාලනු වස් මෙරට වාහන නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්නට සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි.

M&M Ltd. මෝටර් රථ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී, වීජේ නක්රා මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව කියන්නෙ M&M සමාගමට ඉතා වැදගත් වෙළඳපොළක්. අයිඩියල් සමූහය සමඟ ගොඩනඟා ගත් අපේ හවුල්කාරීත්වය නිසා මෙරටදීම මෙම රථය නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට ලැබුණේ දේශීය සැපයුම්කරුවන්, ශ්‍රම බලකාය වගේම රටේ පාරිසරික පද්ධතියත් සවිබල ගන්වමින්. මෝටර් රථ දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට අපගේ උපරිම සහයෝගය ලබා දීමටත් මේ නිසා අපට හැකියාව ලැබුණා.Bolero City Pik-Up නව රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ මෙම මාදිලියේ අප ලබා තිබූ ප්‍රමුඛස්ථානය තව දුරටත් තහවුරු කරගන්නටත් අපට හැකි වී තිබෙනවා.

අයිඩියල් ව්යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති, නලින් වෙල්ගම මහතා අපගේ පාරිභෝගිකයන් වෙත හොඳම දෙයක් ලබා දීම වෙනුවෙන් අප විශාල ආයෝජනයන් රැසක් සිදු කළා. මෙරට වාහන එකලස් කිරීමේ අංගනයක් ස්ථාපනය කිරීම වගේම දිවයින පුරා විහිදුණු මහින්ද්‍ර අලෙවි ප්‍රදර්ශනාගාර ජාලය හා බලයලත් සේවා නියෝජිත ජාලය ඒ අතරින් ප්‍රධානයි. අප ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව තිබෙන්නේ මෙකී සියලූ දේ අතින් අප ගොඩනඟාගත් විශ්වාසය නිසා යැයි කියා සිටියේය.

හඳුන්වා දෙන Bolero City Pik-Up රථය නිෂ්පාදනය කොට ඇත්තේ ඕනෑම නාගරික මාර්ගයකට සුදුසු ලෙසින් වන අතර වැඩි බරක් ඉතා පහසුවෙන් ගෙන යා හැකි වීමද මෙහි ඇති විශේෂත්වයකි. විශේෂාංග රැසක් සමඟින් එන මෙම රථය පහසු පැදවීමක් මෙන්ම වැඩි ඉඩකඩ සහිත කාර්ගෝ බඳකින් හා අධි බලැති එන්ජිමකින්ද සමන්විතය. සවිමත් සස්පෙන්ෂන් පද්ධතිය නිසා අසීරු මාර්ගවල වුවත් බරක් පටවාගෙන අපහසුවකින් තොරව ධාවනය කිරීමේ හැකියාව ඇත. කැබින් කොටසද වැඩි දියුණු කොට ඇති අතර සුවපහසු රියදුරු සහයක අසුනක් සහ තවත් විශේෂාංග රැසක් මෙහි ඇතුළත්ය. මේ නිසා නගරාන්තර වාණිජ ප්‍රවාහන කටයුතු වඩාත් සුවපහසුවෙන් ඉටු කරගන්නට නව රථය නිසා අවකාශ සැලසේ. මාස 12ක් හා 50,000Km ක් දක්වා වගකීම් කාලයක් ලබාදෙයි. මීට අමතරව දීර්ඝ කරන ලද මාස 36ක් දක්වා හෝ 100,000Km ක් දක්වා වගකීම් කාලයක්ද අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලබාදෙයි. මෙහි නඩත්තු වියදමද ඉතාමත් අවම වූවකි. මේ නිසා පාරිභෝගිකයාට හිතට බරක් නැතිවම වැඩි ලාභයක් ඉපයීමේ අවකාශ සැලසේ.

නව Bolero City Pik-Up රථයේ සුවිශේෂතා – මහින්ද්‍ර වෙතින් හඳුන්වා දෙන නව Bolero City Pik-Up 2,523cm3, m2Di, සිලින්ඩර් 4, 46,3 kW (63 HP) බලයක් සහිත ඞීසල් එන්ජිම සහ 195 භප බලයකින් සමන්විතය. 1400 kg 1 බරක් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි මෙම රථය 2640 cm x 1700 cm (8.7 ft 5.6 ft) ප්‍රමාණයේ කාර්ගෝ බඳකින්ද යුක්තය. දැකුම්කළු ප්‍රධාන ලාම්පු පද්ධතිය, ඉදිරිපස ක්රොම් ග්රිල්, ඩුවල් ටෝන් උපාංග පැනලය හා සුවපහසු ෆැබි්රක් ආසන මෙන්ම දොරවල්ද මෙහි ඇති පෙනුම හා හැඩකාර පෙනුම ඉහළ නැංවීමට හේතු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment