මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම සිය නවතම ශාඛාව කඳාන නගරයේ විවෘත කරයි

47

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා කඳාන නගරයේදී විවෘත කෙරිණි.

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රමුඛතම නගරයක් වන කඳාන නගරය, ගම්පහ දිස්ත්‍රික්කයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්ද වේ. එමෙන්ම එය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රාශියක් ජීවත් වන, විවිධත්වයෙන් සපිරි නගරයකි. අංක 24, මීගමුව පාර, කඳාන යන ස්ථානයෙහි මෙම නව මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාව පිහිටුවා තිබේ. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාවෙහි වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩකඩක්ද ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment