මහින්ද්‍රා වෙතින් හඳුන්වා දෙන නවතම Bolero City Pik-Up රථය දැන් ශ්‍රී ලංකාවේ

1440

වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිමෙන් මුල් වරට ”ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත” ටොන් 1.4 Pik-Up රථය

පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik up රථය වෙළඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා එක්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අයිඩියල් ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් (විශ‍්‍රාමික) ජනරල් දයා රත්නායක, අයිඩියල් ව්‍යාපාර සමූහයේ උප සභාපති අරවින්ද ද සිල්වා, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ සුරේන් ගලගොඩ, මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ දේශීය කළමනාකරු හා සාමාන්‍යාධිකාරි ප‍්‍රශාන්ත් කීනි, මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි අමන්ද සෙනෙවිරත්න යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

Mahindra & Mahindra Ltd’ (M&M) සහ අයිඩියල් මෝටර්ස් එකමුතුවේ අනුබද්ධිත සමාගමක් වන අයිඩියල් සමූහය විසින් ලංකාවේ නිපදවන ලද නවතම Bolero City Pik-Up රථය පසුගියදා මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැමහතාද සහභාගී වූ අතර එතුමන් මහින්ද්‍රා අයිඩියල් ලංකා මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ ක්ෂේත‍්‍ර චාරිකාවකටද එක් වෙමින් නව Bolero City Pik-Up රථය එකලස් කිරීමේ ක‍්‍රියාවලියද නිරීක්ෂණයට ලක් කළේය.

වැලිපැන්න ප‍්‍රදේශයේ පිහිටා ඇති මෙම වැඩබිම 2019 වසරේ අගෝස්තු මස M&M Ltd සහ අයිඩියල් සමූහයේ සම හවුල්කාරීත්වය යටතේ ආරම්භ කරනු ලැබූවකි.

M&M යනු කුඩා පරිමාණ වෙළඳ වාහන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන අතර සමාගමේ pickup වර්ගයේ රථ අතරට මෙම නව මාදිලියද එක් වීම මෙරට වාහන වෙළඳපොළ තුළ සමාගම විසින් දිනා ඇති ප‍්‍රමුඛස්ථානය තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා…

අද මේ එළිදක්වනු ලබන Bolero City Pik up රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක දේශීය අගය එකතු කිරීමක් සිදු කර තිබෙනවා. එමගින් දේශීය වශයෙන් වාහන උපාංග නිපදවන පිරිසට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ තරුණ දරුවන්ට ඔවුන්ගේ තාක්ෂණික දැනුම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එකතු කිරීමටද හැකිවී තිබෙනවා. ඒ ආකාරයට විශාල පිරිසකට මෙමගින් ප‍්‍රතිලාභ රැසක් ලැබෙන තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ නිසා ශ‍්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවෙයි. අපි ක‍්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට. මම හිතනවා මේ ආයතනයට ලබන අවුරුද්ද වනවිට මීටත් වඩා දේශීය අගය එකතු කිරීමක් සිදු කරන්න පුළුවන්කම තිබෙනවා, කියා. එමගින් දේශීය වශයෙන් නිපදවනු ලැබූ ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා‘ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා ගමන් කිරීමට අපට පුළුවන් වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. සම්මත මෙහෙයුම් පටිපාටියෙහි පවතින සුළු සුළු අඩුපාඩු නිවැරදි කරලා, විශේෂයෙන් අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයන්ට මේ ක්ෂේත‍්‍රයේ ආයෝජනයන් කිරීමට අවශ්‍ය වාතාවරණය, පහසුකම් තව තවත් දිරි ගැන්වෙන ආකාරයට සකස් කර දෙන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

උත්සව සභාව අමතමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම,මහතා, ”අයිඩියල් මෝටර්ස් සහ M&M දශකයක පමණ කාලයක් තිස්සේ සහයෝගයෙන් කටයුතු කරමින් පාරිභෝගිකයන් වෙත උපරිම වටිනාකමක් ඇති නිපැයුම් පෙළක් දායාද කරන්නට සමත්ව තිබෙනවා. දේශීය සැපයුම්කරුවන් සවිබල ගන්වමින් දේශීයත්වයේ අගය මෙම නව ඊදකැරද ක්‍සඑහ ඡුසන-මච රථයට එක් කරන්නට හැකි වීමත් විශේෂත්වයක්. ‘ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත’ පළමු ඡුසජනමච රථය වන මෙය මෙරට වෙළඳපොළටත් වඩාත් හොඳින් ගැලපෙන නිෂ්පාදනයක්. අපගේ දීප ව්‍යාප්ත මහින්ද්‍රා අලෙවි ප‍්‍රදර්ශනාගාර ජාලය සහ බලයලත් සේවා නියෝජිත ජාලය සමඟින් මෙම වාහන මාදිලිය තුළ අපගේ වෙළඳපොළ ප‍්‍රමුඛතාව තහවුරු කරන්නට හැකි වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් ප‍්‍රකාශ කළේය.

වැඩි ඉඩකඩක් සහිත වීම, අධි බලැති එන්ජිම ඇතුළු විශේෂාංග රැසක් සමඟින් එන නව Bolero City Pik-Up රථය වඩාත් පහසු හැසිරවීමක් සහිත රථයකි. සවිමත් සස්පෙන්ෂන් පද්ධතිය නිසා විවිධ ප‍්‍රමාණයේ බර සමඟ නගරාන්තර ධාවනයට වැඩි පහසුවක් මෙමඟින් ලබා දෙයි. මෙහි කැබින් කොටසද වැඩි සුවපහසුවකින් යුතුව නිපදවා ඇති අතර රියදුරුට සහායකටද පුළුල් අසුනක් ලබාදී තිබීම මෙහි ඇති එක් විශේෂත්වයකි. නගරබද සහ නගරාන්තර වෙළෙඳ ගමනාගමන කටයුතු සඳහා වඩාත් සුවපහසුවක් සලසන රථයක් වන නිසා දිවයින පුරා වෙළඳ භාණ්ඩ බෙදාහැරීම වැනි කටයුතු සඳහා මෙම නව Bolero City Pik-Up රථය වඩාත් යෝග්‍යතම ඡුසජන මච මාදිලියේ රථයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මාස 12ක වගකීම, 50,000 km සහ අවම නඩත්තු වියදම නිසා පාරිභෝගිකයාට වැඩි ප‍්‍රතිලාභයක් මෙමඟින් ලැබිය හැකි බවට සහතික කළ හැකිය.

කෝවිඞ් 19 වසංගත තත්ත්වයේ පහළ යාමත් සමඟ ක‍්‍රමයෙන් විවෘත වූ මෙරට වෙළඳපොළ තුළ වෙළෙඳ වාහන සඳහා ඇති ඉල්ලූ‍ම අනාගතයේදී ශීඝ‍්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහින්ද්‍රා අයිඩියල් ලංකා (MILPL) සමාගම මේ වන විටත් එම අපේක්ෂිත වෙළඳපොළ ඉල්ලූ‍මට සරිලන pickup මාදිලියේ රථ නිෂ්පාදනය වේගවත් කොට ඇත. මහින්ද්‍රා වෙතින් පිට පිටම හඳුන්වා දෙනු ලැබූ දෙවැනි රථය මෙය වන අතර මීට ඉහත එනම්, 2020 ජුලි මසදී හඳුන්වා දුන් KUV100 රථය ද මෙරට වෙළඳපොළ තුළ ඉතා ඉහළ ජනප‍්‍රියත්වයකට පත් විය. මෙම නව Bolero City Pik-Up රථය මහින්ද්‍රා තාක්ෂණයෙන් බලගැන්වූවක් වන අතර 2,523cm3, m2Di සිලින්ඩර් 4 ඞීසල් එන්ජිමකින් සමන්විතය. 46.3 kW (63 HP) බලයක් සහිත මෙම එන්ජිමේ භ‍්‍රමණ වේගය 195 Nm වේ. මේ නිසා Bolero City Pik-Up රථයට 1400 නට ක විශාල බරක් වුවද පහසුවෙන් ප‍්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. ක‍්‍රීඩාශීලී පෙනුමින් යුතු ආකර්ෂණීය ප‍්‍රධාන ලාම්පු පද්ධතිය, ඉදිරිපස ක්‍රෝම් ග‍්‍රිල්, නවීන පන්නයේ ද්විත්ව උපාංග පැනලය සහ දොර කොටසට ගැළපෙන සුවපහසු ෆැබි‍්‍රක් ආසනද ඇතුළත්ව තිබීම නිසා වඩාත් සිත්ගන්නාසුලූ‍ දැකුම්කළු පෙනුමක් මීට ලැබී ඇත.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment