මහින්දානන්දගේ අභියෝගය හරින් භාර ගනියි

222

කංචන – මනුෂ සහයට එති

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සැ`ගවුණු තොරතුරු ගැන පාර්ලිමේන්තුවෙන් පිටත ප‍්‍රසිද්ධ වේදිකාවකදී විවාද කිරීමට එන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කළ අභියෝගය විපක්‍ෂ මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් භාරගනු ලැබීය.

ඒ අනුව තම පාර්ශ්වයයන් රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාද කැටුව ප‍්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනකට පැමණෙන බවට අලූත්ගමගේ මහතා හරින් ප‍්‍රනාන්දු මහතාට අභියෝග කළ අතර එහිදී හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ තමා මනූෂ නානායක්කාර මහතා රැගෙන එන බවය.

මෙම විවාදය සඳහා හැකිනම් මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද විශේෂ පාර්ශ්වකරුවෙකු ලෙස සහභාගී කරවන්නැයි අභියෝගය භාර ගත් හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment