මහින්දානන්දගේ ප‍්‍රකාශයට එරෙහිව නීති පියවර ගන්නවා – නාමල් කරුණාරත්න

232

* ආණ්ඩුව රටේ ප‍්‍රශ්න හතර අතේ අනාගෙන

පොහොර සමාගම්වලින් තම පක්‍ෂය සහ තමන් මුදල් ලබාගන්නා බවට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කරන ලද ප‍්‍රකාශයට එරෙහිව නීති ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරුණාරත්න මහතා ‘‘දිවයින’’ට පැවසීය.

ඔහුගේ චෝදනාව තමන් සහ පක්‍ෂය තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවත් කෘෂිකර්ම ඇමැතිවරයාට එය ඔප්පු කළ හැකි නම් සිය පක්‍ෂය සහ තමන්ද දේශපාලන ප‍්‍රවාහයෙන් ඉවත්වීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

ගොවි ප‍්‍රශ්න ඇතුළු රටේ සියලූ ප‍්‍රශ්න ආණ්ඩුව විසින් හතර අතේ ගාගෙන අනාගෙන ඇති බවත් ඒවා වසා ගැනීමට විවිධ උප්පරවැට්ටි යොදාගන්නා ආණ්ඩුව ඇමතිවරුන් හරහා අරගලවලට නායකත්වය දෙන ජනතා නායකයන් මර්දනය කිරීමට උත්සාහ ගන්නා බවත් හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේද කීවේය.

කෘෂිකර්ම ඇමැතිවරයාගේ පදනම් විරහිත අභූත චෝදනාව අපි පිළිකුලෙන් බැහැරකරනවා. අපි ඒ පිළිබඳව තීරණයක් ගන්න පක්‍ෂ නීති මණ්ඩලයට දැනුම්දී තිබෙනවා. අද ගොවියට පොහොර, වතුර තියා කන්න රැුස්වීමක් නැහැ. මේවාට විරුදධව තමයි ඔවුන් උද්ඝෝෂණය කරන්නේ.

මේ සියල්ලටම ආණ්ඩුව වගකිව යුතුයි. අද ගොවියෝ ගොවි බිමේ නැහැ. ගොවියෝ උද්ඝෝෂණ. පඹයෝ සියල්ලම ඉන්නේ මහ පාරේ. මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පත්කරන්න මුල් වුණු ගොවි ජනතාව තමයි මේ විදිහට පාරට වැටිලා ඉන්නේ.

ගොවියෝ කාටවත් කඬේ යනවා නම් වෙනත් දේශපාලන මතයක නම් ඔවුන් ගොවිබිමේ නොයිද පාරට එනවද? අද ගොවියෝ ඉන්නේ විශාල පීඩනයක. ගොවි දරුවෝ බඩගින්නේ.

අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ යථාර්ථය තේරුම්ගන්න කියලයි. එහෙම නැතිව ගොවි සටන් ඇතුළු රටේ දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වෙන, ඒවාට නායකත්වය දෙන අප වැනි පිරිස් මර්දනය කරලා රටේ හෙට දවස යහපත් කරන්න බැහැ.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment