මහින්දානන්දට කළ බාධාව ගැන පරීක්ෂන

355


විදෙස් සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නැවත හරවා යැවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇත.

එම මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍ර දත්තවලට අදාළව වෙනත් අයෙකුගේ දත්ත ඇතුළත්ව තිබීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ නිලධාරිනියගේ සේවය මේ වන විට අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විමර්ශන ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment