මහින්ද නැතිව හදන අන්තර් ආණ්ඩුවේ අගමැති තේරීම ජාතික සභාවකින්

609

ඉදිරියේදී පිහිටුවනු ලබන නව අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තෝරාපත්කර ගනු ලබන්නේ සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් මගින් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එසේම කැබිනට් ඇමැති මණ්ඩලය ද 15ත් 20ත් අතර සංඛ්‍යාවකට සීමා වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ 11 ක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරේදා (29දා) හමු වූහ.

එහිදී පක්‍ෂ 11 විසින් යෝජනා කළ නව අගමැතිවරයකු, නව කැබිනට් මණ්ඩලයක් සහිත අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment