මහින්ද, බැසිල් ඇතුළු 39 කට එරෙහි පෙත්සම ගැන විවාදය ජූලි 5 දා

109

රට මෙවන් ආර්ථික අගාධයකට ඇදදැමීමට හේතු වූ තීන්දු ගත් හිටපු මුදල් අමාත්‍යවරයකු මෙන්ම අගමැතිවරයකු ද වූ මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු වගඋත්තරකරුවන් 39 දෙනකුට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විවාදය ලබන ජූලි 5 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08 දා) දින නියම කළේය.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ප්‍රනාන්දු, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment