මහින්ද රාජපක්ෂ ඇතුළු 17කට විදෙස් ගමන් තහනම්

832


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 17 දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් උසාවිය අද නියෝගයක් නිකුත්කර ඇත.පසුගිය 9 වැනිදා සාමකාමී අරගලයට පහරදීමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට චෝදනා ගොනුකරමින් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතීඥ පිරිසක් විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.මේ අනුව නාමල් රාජපක්ෂ,ජොන්ස්ටන් ප්‍රනාන්දු,සනත් නිශාන්ත,පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන,සංජීව එදිරිමාන්න,සී.බී රත්නායක යන මන්ත්‍රීවරුන්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද මෙම පිරිස අතර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment