මහින්ද රැඳී ඇතැයි ත්‍රිමලය කඳවුර වටලයි

629

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ සිට ගුවනින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ ඇතැයි දැනගන්නට ලැබී විශාල පිරිසක් එම කඳවුර අසලට රැස්වීම නිසා ඊයේ (10 දා) එහි උණුසුම් සහගත තත්ත්වයක් උද්ගත විය.

මේ නිසා නාවික හමුදා කඳවුර වටා ආරක්‍ෂාව තර කරන ලද අතර අතිරේකව යුද හමුදාව හා පොලිසිය ද සාමය රැකීම සඳහා කැඳවා තිබිණි.

නාවික හමුදා කඳවුර අසලට එක්වූ පිරිස ප්‍රකාශ කළේ තමන්ට ආරක්‍ෂක අංශ සමග ගැටුම් ඇතිකර ගැනීමට අනවශ්‍ය බවත් රටේ ධනය සොරා කෑ පුද්ගලයන් ගැන ජනතාවට තීරණයක් ගැනීමට ඉඩ දිය යුතු බවය.

ත්‍රි’මලේ නාවික හමුදා කඳවුරේ සිට බෝට්ටු මගින් පිටරටකට රාජපක්‍ෂ මහතා පැන යෑමට ඉඩ ඇති බව කියමින් විරෝධතාකරුවෝ හඬ නඟන අයුරු ද අසන්නට ලැබිණි.

දීර්ඝ වේලාවක් පැවැති විරෝධතාවයෙන් පසු පිරිස විසිර ගොස් තිබේ.

ත්‍රිකුණාමලය-සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment