මහින්ද විජේසේකර සිටියා නම් දත් නැතිව බත් කන්න වෙන්නේ

716

ජනකට කංචන හොඳ වැඩියි
චාමර සම්පත් දසනායක

ජනක රත්නායකගේ හැසිරීම හමුවේ ඇමැති කංචන හොඳ වැඩි බවත් ඔහුගේ පියා මහින්ද විජේසේකර අද ඇමැතිව සිටියා නම් ජනක රත්නායකට දත් නැතිව බත් කන්න වෙන බවත් රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටදීම මේ ප්‍රශ්නය විසඳගන්නවා යැයිද හෙතෙම කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මේ විවාද වලට කාලය ගතකිරීම අපරාධයක්. මේවා පාර්ලිමේන්තුවට ගේන්නේ නැතිව එළියේ විසඳගන්න තිබුණා. කංචන ඇමැති හොඳ වැඩියි. කංචනගේ තාත්තා මහින්ද විජේසේකර ඉන්න කාලේ වුණා නම් මෙයාට දත් නැතිව බත් කන්න වෙන්නේ. පාර්ලිමේන්තුවෙන් එළියේ ප්‍රශ්නය විසඳනවා.

හැමදාම මාධ්‍ය සංදර්ශන දාමින් හිටියේ. හිටපු හැම ඇමැතිවරයෙක් එක්කම ප්‍රශ්න දාගත්තා. වැඩ කරන්න දුන්නේ නෑ. කිසිම සභාපතිවරයෙක් මෙහෙම සංදර්ශන දාන්නේ නෑ. විදුලි බිල් කෑල්ලක් අල්ලගෙන ජනාධිපති වෙන්න පුළුවන්ද? මම ඇමැතිනම් මේවා පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ. විසඳන ක්‍රම තියෙනවා යැයිද කීය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment