මහියංගණයේ විවෘත කර තිබූ වෙළෙඳ සල් වසා දැමේ

111

මහියංගණ නගරයේ විවෘතකර තිබූ ව්‍යාපාරික ස්ථාන පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මැදිහත්ව වසා දැමේ. නගරයේ සංචරන සිමා ක‍්‍රියාත්මක බවක් නොපෙනේ.

රටපුරා සංචරණ සීමා පණවා ඇති පසුබිමක මහියංගණ නගරයේ එවන් තත්වයක් දැක ගත නොහැකි අතර ගෙවුණු දිනයන්හි නගරයේ දැඩි රථ වාහන ගමනා ගමනයක් සිදු වෙමින් ගම්මානයනවල ජනතාව නගරය කරා ඇදෙනු නිරීක්ෂණය වූ අතර ඊට ප‍්‍රධාන හේතුව ලෙස හඳුනාගනු ලැබුවේ මහියංගණ නගරයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ස්ථාන රැුසක් අනවසරයෙන් විවෘත කරගෙන ව්‍යාපාරයන්හි නිරත වන බවය. ඒඅනුව මහියංගණ පොලිසිය, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් හා මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එක්ව මහියංගණ නගරයේ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාවක් ඊයේ(14දා* උදෑසන 10.00ට පමණ සිදු කරනු ලැබීය.

මහියංගණයේ විවෘත කර තිබූ වෙළෙඳ සල් වසා දැමේ


ව්‍යාපාරික ස්ථාන විවෘතව තැබීම සඳහා රජයෙන් අවසර පත‍්‍ර ලබාදෙන කිසිදු ආයතනයකින් අවසර පත‍්‍රයක් ලබා නොගෙන ව්‍යාපාරික ස්ථාන විවෘතව තබාගනිමින් ගනුදෙනුකරුවන් රැුසක් කිසිදු සෞඛ්‍ය ආරක්ෂක වැඩ පිළිවෙළක් නොමැතිව ගනුදෙනු කරන ආකාරය නිරීක්ෂණය වූ අතර පොලිසිය මැදිහත්ව එම ස්ථාන සියල්ල වසා දමා හිමිකරුවන්ට අවවාද කෙරිණි. නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් විවෘතව පවතින බැවින්, කුලී ලොරි රථ හිමියන් රැුසක්ද සේවය සඳහා නගරයට පැමිණ සිටිනු දක්නට ලැබිණි. නිලධාරින් මැදිහත්ව ඔවුන්ටද නගරයෙන් ඉවත්ව නිවෙස්වලට යන ලෙස අවවාද කෙරිණි.

මහියංගණ – රංජිත් කරුණාවිර

advertistmentadvertistment
advertistmentadvertistment