මහියංගණය – මිණිපේ අලි ගින්දරේ ඇවිළේ: අලි බලන්න මහවැලි පාලම උඩ සෙනග පිරිලා….

531

මහවැලි ගඟ දිගේ ඉහළට යන අලි රංචු

”දැන් මෙහේ මිනිස්සුන්ට අලි පුරුදු කරලා, අලින්ට මිනිස්සු පුරුදු කරලා ආණ්ඩුව සංචාරක කලාපයක් කරන්නයි යන්නේ මහියංගණයේ මහවැලි ගඟ. දැන් වස්ගමුවට මාදුරුඔයට යන්න ඕන නෑ අලි බලන්න. පාලම දෙපැත්තේ ටිකට් කවුන්ටර් දෙකක් විතරයි අඩු දැන්. අලි බලන්න පාලම උඩට හැමදාම ඒතරම් පිරිසක් එකතු වෙනවා. පාරත් අවහිර වෙනවා. මේවා අපේ ඡුන්දේ අරන් ගිය මිනිසුන්ට පේන්නේ නෑ. අලි රංචු ගෙ`ග් ඉන්නවා. අපි එළි වෙනකම් බයේ ගෙදර ඉන්නවා’’ යැයි මහියංගණ මහවැලි ගඟ දිගේ එක පෙළට ගමන් කරමින් සිටින වන අලි රංචුවක් බැලීම සඳහා මහවැලි පාලම මතට පැමිණි ප‍්‍රදේශවාසියෙක් පෙරේදා (22 දා) දින ප‍්‍රකාශ කර සිටියේය.

වසර ගණනාවක් සිට මහියංගණ මහවැලි ගෙ`ග් දිවා කාලයේ රැුඳී සිටින වන අලි රංචු රාත‍්‍රි කාලයේ ගඟ දෙපස මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මිණිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් දැඩිව තර්ජනයක් වෙමින්, නිවාස දේපළ බව-භෝගවලට විශාල ලෙස හානි සිදු කරමින් සිටිති.

මහියංගණය - මිණිපේ අලි ගින්දරේ ඇවිළේ: අලි බලන්න මහවැලි පාලම උඩ සෙනග පිරිලා....
අලි දැක බලා ගැනීමට මහවැලි පාලම මතට පැමිණ සිටි විශාල පිරිස්

පෙරේදා (22 දා) දින 7.00ට පමණ මහියංගණ වේරගංතොට පාලම අසල වන අලි 17දෙනෙකුගෙන් යුතු විශාල අලි කණ්ඩායමක් මහවැලි ගඟ දිගේ ඉහළට යන ආකාරය දිස්වූ අතර එය දැක ගැනීමට විශාල පිරිසක් ද මහවැලි පාලම උඩ එක්රැුස්වීම හේතුවෙන් පාලම මත වාහන ගමනාගමනයට ද බාධාවන් ඇති විය. එසේම මෙම අලි රංචුව මේ වන විට සුලභ දර්ශනයක්ව පවතින අතර සෑම දිනකම වන අලි රංචු කිහිපයක් මහවැලි ගඟ දිගේ විවිධ වූ ස්ථානවල දිවා කාලයේ රැඳී සිටිමින් විවේක ගනිමින් සිට රාත‍්‍රිය වන විට ගම්බිම් කරා ගොස් මහජන පීඩාවන් සිදු කරමින් සාමාන්‍ය ජන ජීවිතය අඩාල තත්ත්වයකට පත් කරති.

එම වන අලි රංචුව පෙර දින රාත‍්‍රිය පුරා ගඟ දෙපස වතුපිටිවල ඇති බව භෝග විශාල ලෙස විනාශ කරමින් වනසා රැුය පහන් වනතුරු කුස පුරවාගෙන, විවේකී සුවය විඳීමට යළි මහවැලි ගඟට පැමිණෙති.

උදෑසන සිට දිනය පුරා එසේ රැුඳී සිටි වන අලි රංචුව පිළිබඳ හසලක වනජීවී කාර්යාලයට ද, මාපාකඩවැව වනජීවී කාර්යාලයට ද ගම්වාසීන් විසින් දැනුවත් කරන ලද මුත් එදින (22 දා) සවස කළුවර වැටී මහවැලි ගෙ`ග් රැුඳී සිටින වන අලි දැක ගැනීමට නොහැකි තරම් කළුවර වැටෙන තුරු වන අලි පැන්නීම සඳහා වනජීවී නිලධාරීන් නොපැමිණි බවට ගම්වාසීහු චෝදනා නැගූහ.

සාමාන්‍යයෙන් වනජීවී නිලධාරීහු දිවා කාලයේ අලි පැන්නීම සිදු නොකරන අතර, සවස 3.00ත් 4.00ත් කාලයේදී අලි එලවා හැරීමේ මෙහෙයුම් ආරම්භ කිරීම සිදු කරති. සවස 6.00 පසුව (කළුවර වූ පසු) අලි දැක ගැනීමට හා සිටිනා ස්ථාන සොයා ගැනීම අපහසු නිසා අලි පැන්නීම සිදු නොකෙරේ. නිලධාරීන්ට ලබාදී ඇති කුඩා විදුලි පන්දම්වලින් අලි සිටිනා ස්ථාන ද හරි හැටි සොයා ගැනීම අපහසු වීම ඊට ප‍්‍රධාන හේතුවයි.

මහියංගණය - මිණිපේ අලි ගින්දරේ ඇවිළේ: අලි බලන්න මහවැලි පාලම උඩ සෙනග පිරිලා....

උදෑසන සිට මහවැලි ගඟේ රැඳී සිටි වන අලි පිළිබඳ වනජීවී කාර්යාල දෙකක් දැනුවත් කර තිබුණ ද බිම්කළුවර (සවස 6.00ට පමණ) වනතුරු අලි එලවා හැරීමට නිලධාරීන් නොපැමිණීම ගම්වාසීන්ගේ අප‍්‍රසාදයට හේතු විය. පසුව පැමිණි නිලධාරීහු ද අලි වෙඩි 10ක් පමණ පත්තු කරන විට කළුවර වැටීම හේතුවෙන් අලි එලවා හැරීමේ මෙහෙයුම අත්හිටුවා පිටව ගියහ. ගඟේ සිටි අලි රංචුව මීටර් 100ක්වත් දුරකට පලවා හැරීමට වනජීවි නිලධාරීන් දැමූ අලි වෙඩි කිහිපයට නොහැකි විය. ඒ හේතුවෙන් ගම්වාසීහු මහත් සේ පීඩාවට හා භීතියට පත් වූහ.

මහියංගණයට උදාවී ඇති උග‍්‍ර වන අලි තර්ජනය පිළිබඳ ගම්වාසීන් හා මහා සංඝරත්නය මැදිහත්ව වනජීවි අමාත්‍ය විමලවීර දිසානායක මහතා පෞද්ගලිකව හමුවී දැනුවත් කළ ද මේ වනතුරු විසඳුම් නොලැබූ බව ගම්මු කියති. ලක්ෂ 07කට වඩා වැඩි මුදලක් යොදවා අලි එලවා හැරීමට ඇස්තමේන්තු සකසා මෙහෙයුමක් සිදු කළ ද එය ඵලරහිත වූ බව ගම්වාසීහු පවසති.

පසුගිය කාලයේ මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද අවස්ථා කිහිපයකදීම විෂය භාර ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්ම සාකච්ඡුා වාර රැසක් පැවැත්වුවද ඒ මගින් ගත් ක‍්‍රියාමාර්ග, වැඩ, තීන්දු තීරණ මේ වන තුරු ක‍්‍රියාත්මකව නැත. එසේ රැුස්වීම් පැවැත්වීමට පවා වියදම් වන මහජන මුදල් වතුරේය.

මේ දිනවල මහියංගණ හා මිනිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි දැඩි ලෙස වන අලි ගැටලූව පවතින අතර ජීවිත හානියක් සිදුවීමට පෙර මෙම ගැටලූවට හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන ලෙස ගම් වැසියෝ් ඉල්ලා සිටීති.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment