මහියංගණය රතිඤ්ඤා හඬින් ගිඟුම් දෙද්දී ඉන්ධන පෝලිමෙන් විරෝධතාවක් මතුවෙයි

436

අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයේ දිව්රුම් දීමත් සමග මහියංගණ නගරයද ඊයේ (21) උදෑසන රතිඤ්ඤා හඬින් ගිඟුම් දෙන්නට විය.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, බදුල්ල දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ, සොරබොර වැව්ගම්පහ කොටසේ ක්‍රියාකාරී දේශපාලන සාමාජිකයකු ඇතුළු පිරිසක් මහියංගණ නගරයේ රතිඤ්ඥා දැල්වීමයි.

මහියංගණය රතිඤ්ඤා හඬින් ගිඟුම් දෙද්දී ඉන්ධන පෝලිමෙන් විරෝධතාවක් මතුවෙයි

මහියංගණ නගරයේ රතිඤ්ඤා දල්වා සතුට ඵල කිරිමත් සමග ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිමේ රැදි සිටි තරුණයකු පැමිණ රතඥ්ඤා දැල් වූ පිරිසට විරෝධය දක්වමින් “රටේ මිනිසුන්ට කන්න යමක් නෑ. මිනිස්සු පෝලිම්වල දුක් විදිනවා. මේ ගිනිගහන මුදල් කන්න නැති මිනිහෙකුට දියවු” ලෙසට ප්‍රකාශ කරමින් විරෝධය දැක්වීය. එහිදී රතිඤ්ඤා දැල්වූ අය හා වචන හුවමාරුවක් සිදු වීමට ගිය අවස්ථාවේ, තරුණ අපිටත් අදහස් දැක්වීමේ අයිතිය තියෙනවා යැයි පවසමින් විරෝධය දැක් වූ තරුණයා පිටව ගියේය.

රංජිත් කරුණාවීර – මහියංගණය

advertistmentadvertistment
advertistmentadvertistment