මහියංගණ පොලිසිය ඉදිරිපිටදී බසයක් හා වෑන් රියක් ගැටී අයෙක් මරුට – 6කට තුවාල

187

කොළඹ සිට කල්මුණේ දක්වා ගමන් ගන්නා බස් රථයක බදුල්ල දෙසින් පැමිණ වෑන් රථයක්, මහියංගණ පොලිස්ථානය ඉදිරිපිටදී  පසුගිය 13 දින අලූයම 2.00ට පමණ මුහුණට මුහුණ ගැටී රිය අනතුරුක් සිදුවීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් වෑන් රථයේ සිටි 05 දෙනෙකු හා බස් රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ප‍්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව මහියංගණ පොලිසිය පවසති.

මහියංගණ පොලිසිය ඉදිරිපිටදී  බසයක් හා වෑන් රියක් ගැටී අයෙක් මරුට  - 6කට තුවාල

අනතුරින් මියගොස් ඇත්තේ  ගිරාදුරුකෝට්ටේ, බතලයාය, අළුත්තරම, අංක 70 දරණ නිවසේ ආර්. එම්. තුෂාර ප‍්‍රදීප් රත්නායක නමැති අයෙකි.

බදුල්ල දෙමෝදර මංගල අවස්ථාවක් ස`දහා ගොස් යළි පැමිණෙමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරුට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ජේ. ඒ. ආර්. එල්. සේනාධීර මහතා යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් වර්ණසූරිය, පො. සැ. 36777 ජයලත් යන නිලධාරින් පරීක්ෂණ හා රාජකාරි කටයුතු සිදු කරමින් සිටිති.

මහියංගණ – රංජිත් කරුණාවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment