මහියංගන පුදබිම පූජා භුමියක් කෙරේ

275


ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ප්‍රතිසංස්කරණය කරන ලද මහියංගන රාජ මහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමකෙරිණ.

එම පුදබිමේ උඩමළුව වටා ඉඳිකළ වළාකුළු බැම්ම විවෘතකිරීම සහ මහියංගනය පූජා භුමියක් වශයෙන් නීතිගතකොට ඒ පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රධානයකිරීම ඊයේ (28) වෙනිදින සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහලවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි මල්වතු උභය මහා විහාරයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment