මහීෂ්ගේ චෙන්නායි පිලට මතීෂත් එකතු වෙයි

379

ශ්‍රී ලංකා වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර අයිපීඑල් තරගාවලිය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා ඊයේ (21දා) තෝරාගෙන ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ නවසීලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් ආබාධයකට ලක්වීම හේතුවෙන් මතීෂ එම පුරප්පාඩුව සඳහා තෝරාගෙන ඇත.

ඉන්දියානු රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත් ගිවිසුමක් යටතේ මතීෂ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙන අතර මතීෂ 2022 සහ 2022 වසරවල ශ්‍රී ලංකා වයස 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකත්වය දැරූවේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මතීෂ පතිරණ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ආකාරයකින් පන්දු යවන ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද මෙවර අයිපීඑල් තරගාවලිය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment