මහීෂ් සහ අසලංකට උසස්වීම්

502

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු වාර 20යි 20 පිතිකරුවන් අතර 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත්ව තිබේ.

දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල දහතුන් වන ස්ථානයේ රැඳී සිටියේය.

නවසීලන්තය සමග පැවැති පළමු 20යි 20 තරගයේ දී දැක් වූ දක්ෂතා හෙතුවෙන් අසලංක සහ මහීෂ් මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත.

කෙසේ වෙතත්, පැතුම් නිස්සංක 15 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙන අතර ඔහු පළමු තරගයේදී ලකුණු බින්දුවකට දැවී ගියේය.

පන්දු යවන්නන් අතර පෙරමුණ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්ට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගයි.

advertistmentadvertistment
advertistmentadvertistment