මහීෂ් සහ මතීෂගේ චෙන්නායි අද තීරණාත්මක තරඟයක

405

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර අයිපීඑල් තරගාවලියේ පළමු “ප්ලේ ඕෆ්ස් ” තරඟයට ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම සමග අද (23 වැනිදා) මුහුණ දේ.

අද රාත්‍රී 7.30 ට චෙන්නායි හිදී මෙම තරඟය පැවැත්වේ.

මෙම තරඟයෙන් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන් කෙළින්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. පරාජයට පත් වුවහොත් අනිද්දා පැවැත්වෙන තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට එරෙහිව ජය ගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය හැක.

මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් දෙක වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අනිද්දා (24 වැනිදා ) තරඟ වදී.

advertistmentadvertistment
advertistmentadvertistment