මහේලගේ සදර්න් බ්‍රේව් ‘ද හන්ඩ‍්‍රඞ්’ පිරිමි ශූරතාව දිනති – කාන්තා ශුරතාව ඕවල් ඉන්වින්සිබල්ස් කණ්ඩායමට

459

එංගලන්ත කි‍්‍රකට් ආයතනය මගින් සංවිධානය කළ ‘ද හන්ඩ‍්‍රඞ්’ පන්දුවාර සියයේ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත්විය. එ් අවසන් මහා තරගයේදී බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමිනි.

 ලන්ඩන් නුවර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සදර්න් බ්‍රේව් කණ්ඩායම නියමිත පන්දු සියය තුළදී කඩුලූ 5ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත්විය. පෝල් ස්ටිර්ලින් පන්දු 36කදී වේගවත් ලකුණු 61ක් සදර්න් ඉනිමට එක්කාසු කළ අතර එම ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් අන්තර්ගත විය. ටිම් ඬේවිඞ් පන්දු 6කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 15ක් වාර්තා කරද්දී රෝස් වයිට්ලි පන්දු 44කදී නොදැවී ලකුණු 44ක් ලබා ගැනීමට සමත්විය. එ් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක්ද සමගිනි.

 පිලිතුරු ඉනිම ආරම්භ කළ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම පන්දු සියය තුළදී කඩුලූ 5ක් දැවී ලකුණු 136කට සීමා කිරීමට සදර්න් පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී බර්මින්හැම් කණ්ඩායමට මැදපෙළින් බලාපොරොත්තු ඉහළ නංවූ ලියම් ලිවිංස්ටන් පන්දු 19කදී හයේ පහර හතරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත්විය. නායක මොයින් අලී පන්දු 30කට මුහුණ දී හයේ පහර 3ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 36ක් වාර්තා කළේය. කි‍්‍රස් බෙන්ජමින් සහ බෙනී හොවෙල් නොදැවී පිළිවෙලින් ලකුණු 23 සහ 20 බැගින් වාර්තා කළේය.

 මේ අතර ‘ද හන්ඩ‍්‍රඞ්’ තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව දිනා ගැනීමට ඕවල් ඉන්වින්සිබල්ස් කණ්ඩායම සමත්වූවාය. එ් සදර්න් බ්‍රේව් කාන්තා කණ්ඩායම ලකුණු 48කින් පරාජයට පත්කරමිනි.

 එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕවල් ඉන්වින්සිබල්ස් කණ්ඩායම නියමිත පන්දු සියය තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 121ක් ලබා ගැනීමට සමත්විය. එ් අනුව ජයග‍්‍රාහී ඉල්කකය හඹාගිය ඕවල් සදර්න් කණ්ඩායම පන්දු 98කදී මුළු ලකුණු 73කට සියලූම දිනා දැවීගියේය.

 සුපිරි පන්දු යැවීමක නිරත වූ මැරිසන් කාප් ලකුණු 9කට සදර්න් ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමුවාය. ඇලිස් කැප්සි ලකුණු 21කට කඩුලූ 2ක් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment