මහේල අයියගේ පැමිණීමත් එක්ක කණ්ඩායමේ වෙනසක් සිදුවුණා – භානුක රාජපක්ෂ

759

‘මහේල අයියාගේ පැමිණීමත් එක්ක යම්කිසි වෙනස්කම් ටිකක් කළා. අවිශ්කව අංක හතරට ගෙනාවා. මාව අංක පහට ගෙනාවා. ආරම්භක පිතිකරු විදිහට පැතුම් නිශ්ශංකව ගෙනාවා. ඒ විදිහට ඒ ඒ ස්ථානයන්හි වගකීම් අපේ ක‍්‍රීඩකයන්ට ලබාදීලා තියෙනවා’ යැයි නැමීබියා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී භානුක රාජපක්ෂ ප‍්‍රකාශ කළේය.

අවිශ්ක ප‍්‍රනාන්දු සහ තමාට පැවැති ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ගැටලූව මේ වන විට නිරාකරණය කරගෙන ඇති බවත්, මේ වන විට ඉක්මන් ලකුණු ලබා ගැනීම සහ වැඩි වශයෙන් හතරේ සීමා අසල පන්දු රකින කාර්ය සිදු කරන බවත් භානුක පැවසීය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන්ද භානුක මෙහිදී අදහස් දැක්වීය. ‘ඔවුන් පැයට කිලෝමීටර් 140ට වැඩි වේගයකින් දානකොට මම හිතන්නේ නැහැ අනිත් අයට පන්දුවට පහර දෙන්න ලේසියි කියලා. මොන තරගයක් වුණත් අපේ උපක‍්‍රමය තමයි වේග පන්දු යවන්නන් දෙදෙනෙක් එක්ක යන එක. පින්න තිබුණා නැත්තේ නැහැ. නමුත් අපේ ඊට කලින් පෙර සූදානමක් තිබුණා. පින්ත සහිත වෙලාවට බෝල් කරන්නේ කොහොමද කියලා. නමුත් ලොකුවට බලපෑවේ නැහැ.’

ලෝක කුසලානයක් ක‍්‍රීඩා කරන්න තරම් වාසනාවන්ත වීම සම්බන්ධයෙන්ද භානුක එහිදී අදහස් දැක්වූයේය. ‘හරි වෙලාවෙදි හරි තැන මට ලැබෙනවා කියලා මම විශ්වාස කරන කෙනෙක්. දැන් ඉස්සර වගේ නෙමෙයි අපි මැච් එකක් දෙකක් ෆේල් වුණා කියලා අපිව එළියට දාන්නේ නැහැ. ටීම් එකේ නොකඩවා ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව දීලා තියෙනවා. තේරීම් කමිටු සභාපති, පුහුණුකරු සහ නායකයා අපිට ඒ විශ්වාසය දීලා තියෙනවා. ඒක හු`ගක් දුරට බලපෑවා’ යැයි භානුක එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment