මහේල ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට

945

ජාත්‍යන්තර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ නම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම දක්ෂ නායකයකු වන මහේල ජයවර්ධන ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 652ක් ක‍්‍රීඩා කර ඇති අතර ඊට එක්දින තරග 448ක්, ටෙස්ට් තරග 149ක් සහ විස්සයි විස්ස තරග 55ක් ඇතුළත්වී තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර තරග ගණනක් කී‍්‍රඩා කර ඇති කී‍්‍රඩකයා ලෙසට මහේලගේ නම වාර්තා පොතට එක් වේ.

ලොව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩක ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ පසුවන මහේල වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කර ඇති කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ. එහිදී ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 11814කට හිමිකම් කියන ඔහු ජාත්‍යන්තර එක්දින ලකුණු 12650කට සහ විස්සයි විස්ස ලකුණු 1493කට හිමිකම් කියනු ලබයි. එක්දින ශතක 19ක් සහ අර්ධ ශතක 77ක් ලබා ඇති මහේල ටෙස්ට් ශතක 34ක්, අර්ධ ශතක 50ක් සහ විස්සයි විස්ස එක් ශතකයක් සහ අර්ධ ශතක 09ක් වාර්තා කර තිබේ.

මහේලට අමතරව ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨතම කී‍්‍රඩක ලැයිස්තුවට දකුණු අපි‍්‍රකාවේ හිටපු කී‍්‍රඩක ෂෝන් පොලොක්ගේ නමද ඇතුළත් කර ඇති අතර මීට පෙර ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ගේ නමද ඊට ඇතුළත් කර තිබිණි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment