මහ ඇලගමුව වැවේ මාළු අල්ලන්න ඇවිත් ශිෂ්‍යාව පැහැරගෙන කැලෑවක හංගලා – සැකකාර තරුණයා පොලිස් කූඩුවේ

866

* ටොෆියක් කෑවා: වෙච්ච දේවල්  මතක නෑ – ශිෂ්‍යාව කියයි

මඩාටුගම ප‍්‍රදේශයේ දහනම හැවිරිදි තරුණයකු විසින් දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක පැහැරගෙන ගොස් තිරියාය, ගෝමරන්කඩවල, අඩම්පනේ ප‍්‍රදේශයේ කැලෑවක ස`ගවා ගෙන සිටියදී දැඩි පරිශ‍්‍රමයක් යොදවා දින ගණනාවකට පසු කැකිරාව පොලිසිය මගින් සොයා ගෙන ඇත.

මහ ඇලගමුව වැවේ මාළු ඇල්ලීමට පැමිණි සැකකාර තරුණයා විසින් ටොපියක් කෑමට දී පාසල් ශිෂ්‍යාව රවටාගෙන මෙසේ පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. පාසල් ශිෂ්‍යාව පොලිසියට පවසා ඇත්තේ ටොපියක් කෑමෙන් පසු තමන් කළ කී දේ අමතක බවය.

මෙම පාසල් ශිෂ්‍යාවගේ පියා මිය ගොස් ඇති අතර මව වෙනත් විවාහයක් කරගෙන ඇත. සීයා සහ මිත්තනියගේ රැුකවරණය යටතේ ශිෂ්‍යාව ජීවත් වෙන බව පොලිසිය සඳහන් කරයි.

සීයා විසින් කැකිරාව පොලිසියට සිද්ධිය පැමිණිලි කිරීමෙන් අනතුරුව මඩාටුගම සිට තිරියායට ගමන් කළ ත‍්‍රිරෝද රථය සොයාගෙන ඒ අනුව පරීක්ෂණ පවත්වා දැඩි පරිශ‍්‍රමයක් යොදවා කැලෑවක සඟවාගෙන සිටි ශිෂ්‍යාව සොයාගත් බව පොලිසිය පවසයි.

සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ශිෂ්‍යාව සීයාගේ ඉල්ලීම අනුව මිත්තනියට භාර දී තිබේ.

කැකිරාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යංශයේ කා.පො.සැ.(3944) චම්පිකා, පොලිස් සැරයන් (8883) ගුණසිංහ, (5557) සිරිවර්ධන යන අය මෙම වැටලීම සිදු කළහ. කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment