මහ කන්නයේ කාබනික ගොවීන්ට සහනාධාරයක්

65


එළඹෙන 2022/23 මහ කන්නයේ දී සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇත.
ඒ අනුව මහ කන්නයේ වී වගාවේ දී කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ල වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.
මෙම සහනාධාරය සඳහා රජය විසින් වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 16,000කි.

advertistmentadvertistment
advertistmentadvertistment