මහ කන්නයේ ‘කුඹුරු පිදුරු’ සංකල්පය සාගතයකින් කෙළවර වේවි

349

පොහොර නැතිව, වල් – කෘමි – දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු’ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම’ මෙගා නාට්‍යය රඟදක්වමින් සිටින බව ද මාතලේ මන්ත‍්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පවසන්නීය.

පොහොර හිඟය, වල් සහ කෘමි නාශක නොමැති නිසා මහ කන්නයේ වගාවට ගොවීන් උනන්දුවක් නොදක්වන බව පෙනේ. කන්නය ආරම්භ වීමට තවත් ඇත්තේ සති තුනකි. වෙනදා දක්නට ලැබෙන පූර්ව වගා සූදානම මෙවර පසුගිය වර තරම් නැගෙනහිර, උතුරු මැද, මධ්‍ය, ඌව පළාත්වල දකින්නට නැත. හේන් ගිනිතබා, ඇළ මාර්ග සුද්ධ කර, පස පෙරළන්නට සූදානම් නැත. ගොවීන් වී සහ හේන් වගාවෙන් ඉවත් වීමේ අවදානමක් පවතී.

මහ කන්නයේ ‘කුඹුරු පිදුරු’ සංකල්පය සාගතයකින් කෙළවර වේවි

හේන් ගොවිතැනට භූමිය සකස් කිරීම සඳහා මේ වන විට වල් නාශක ලැබී තිබිය යුතුය.

ව්‍යාපාරිකයන් හා මහා පරිමාණ වගාකරුවන් රටේම වල් බෙහෙත් නැගෙනහිරට අදිමින් සිටී. මේ ප‍්‍රශ්නයට විසඳුම් නොලැබෙන්නේ නම් පමාවී මහ කන්නයේ වගා අරඹන උතුරු මැද, මධ්‍යම හා ඌව, උතුරේ ගොවියාට යන එන මං නැති වනු ඇත.

බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලූ, මෙනේරි* ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. හයිබි‍්‍රඞ් බීජවර්ග ආරක්ෂා කරගැනීම සඳහා කෘෂි රසායන යෙදීම අත්‍යවශ්‍ය වේ.

කෙටි කාලීන වී වර්ගවල වල් මර්දනය සඳහා වල් නාශක අත්‍යවශ්‍ය වේ. වී වපුරා හෝ පැළ සිටුවා දින 3 සිට සති 4 දක්වා කාලය තුළ ගොයම් වගාවේ වල් මර්දනය කළ යුතුය. නැතිනම් වල් පැළ පසේ සාරය උරාගෙන ගොයම් ගස දුර්වල වේ. කෘෂි රසායනික නොමැතිව දැනටමත් රජරට කුඹුරු බොල් වී පිදුරු බවට පත්ව ඇත. කුඹුරේ පිදුරු මිස වී නැත.

මහ කන්නයේ ‘කුඹුරු පිදුරු’ කරමින් රජය ‘සාගතයේ දැක්ම’ මෙගා නාට්‍යය රඟ දක්වමින් සිටී.

තනි සමාගම් ඒකාධිකාරය සහ බෝට්ටු කෘෂි රසායන කෘෂි රසායන වෙළෙඳපොළට නිකුත් නොකරන්නේ නම්, ගොවීන් මහ කන්නයේ වගාවෙන් ඉවත්වීම වැළැක්විය නොහැකිය. ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ගෙන්වනු ලැබන කිසිදු ප‍්‍රමිතියක් නැති කෘෂි රසායන (කෘමි හා වල් නාශක* ජාවාරමක් ඇරඹී ඇත. අධික විෂ සහිත වල් නාශක ප‍්‍රසිද්ධියේම අලෙවි වේ.

මහ කන්නයේ ‘කුඹුරු පිදුරු’ සංකල්පය සාගතයකින් කෙළවර වේවි

තනි සමාගමකට කෘෂි රසායන ආයනයන ඒකාධිකාරය ලබාදීමේ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් වී ඇත. සාධාරණ තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කර ගොවියාට පහසුමිලට කෘෂි රසායන ලබා ගැනීමට අවස්ථාව ලැබිය යුතුය. සලාක ක‍්‍රමයට කෘෂි රසායන ලබාදීමට උත්සාහ දැරීම කළු කඩ ක‍්‍රමයක් නිර්මාණය කරනු ඇත.

එමෙන්ම, දිලීර රෝග, කෘමි රෝග සඳහා දිනක් හෝ දෙකක් තුළ පිළියම් යෙදිය නොහැකි නම් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වේ. පොහොර සඳහා කාබනික ආදේශක සීමිත ප‍්‍රමාණයක් හෝ ඇති නමුත්, වාණිජ්‍ය වගාවක කෘෂි රසායන සඳහා ආදේශක නොමැත.

මහ කන්නයේ දැඩි වර්ෂාවක් ලැබෙන බැවින් දිලීර නාශක නොමැතිව වගා කළ නොහැකිය. මීදුම, අධික වැස්ස දින තුනක් – හතරක් තුළ නුවරඑළිය, නාවලපිටිය, නකල්ස් කඳු පන්තිය, ඉහළ ඌව කලාපයේ එළවළු, පලතුරු, අර්තාපල්, මල් සහ විසිතුරු වගාවන් විනාශ විය හැකිය.

රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ ‘කුඹුරු – පිදුරු’ කිරීමකි. සාගතයට අත වැනීමකි. මහ කන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම රජයේ වගකීමකි. යනුවෙන් මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment