මහ කන්නය කර ගැනීමටවත් ඉඩ දෙන්න…! – කොටියාගල ඇතිමලේ හේන් ගොවීහු සියඹලාණ්ඩුවේදී උද්ඝෝෂණ

123

වසර ගණනාවක් තිස්සේ හේන් ගොවිතැන් කරන සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිමලේ සහ කොටියාගල ප‍්‍රදේශවල පදිංචි ගොවීන්ට තම හේන්වල වගා කිරීමට ඉඩදෙන ලෙස ඉල්ලමින් ගොවීහු පිරිසක් ඊයේ (06) සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

මහ කන්නය කර ගැනීමටවත් ඉඩ දෙන්න...! - කොටියාගල  ඇතිමලේ හේන් ගොවීහු  සියඹලාණ්ඩුවේදී  උද්ඝෝෂණ

සියඹලාණ්ඩුව කැම්බල් ක‍්‍රීඩාංගණයට වැඩම කළ මණ්ඩාගල රජ මහා විහාරවාසී දර්ශනගම සුමේධ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත් මහා සංඝරත්නය ඇතුළු ගොවි ජනතාව සටන්පාඨ සහිත පුවරු ප‍්‍රදර්ශනය කරමින් පාගමනින් සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියහ. ඇතිමලේ සහ කොටියාගල ප‍්‍රදේශයේ පදිංචි ගොවීන් වසර ගණනාවක් තිස්සේ හේන්

ගොවිතැන් කරන අතර එම වගා බිම් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් බව පවසමින් මායිම් සලකුණු කොට වගා බිම්වලට ගොවීන්ට ඇතුල්වීම තහනම් කර ඇත. මෙම ඉල්ලීම් අඩංගු ලිපියක් ගොවි නියෝජිතයන් විසින් ප‍්‍රාදේශීය ලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment