මහ පොළවේ දේශපාලන යථාර්ථය පියාඹන මූනිස්සම්

491

ආයුධ සන්නද්ධ පාතාලය සැම විටම අන්තර් සබඳතා පවත්වන්නේ දේශපාලකයන් සමගය. දේශපාලකයන් ස්වකීය අභිමතාර්ථ වෙත යෑමේදී ඇතිවන බාධක බිඳ ගැනීමට පාවිච්චි කරන තුරුම්පුව වන්නේ පාතාලයයි. එය මේ ආසියාකරයේ රටවල් අතර ඇති දේශපාලන ලෝකයේ පොදු හැසිරීමයි. එහෙත් සුදු වතින් සැරසී සිටින දේශපාලකයන් අත පන්සලේදී පිරිත් නූල් බැඳෙද්දී කෝවිලේ ස්තෝත‍්‍ර ගැයෙති. මේ දිනවල විකාශය වන පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍යයේ ශාක්‍ය බස්නායක ද එවැනි හැඩහුරුකම් සහිත දේශපාලකයෙකි. ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමේ වරම අතට ගෙන සිටියදී ඔහුගේ සැඟවුණු ස්වරූපය ලෝකය හමුවේ අනාවරණය කිරීමේ සටනේ සිටින්නේ මේජර් වික‍්‍රම ජයබාහු, මාලි ජයබාහු, නාද්‍යා, නිත්‍යා, මරදානේ බුලට්, ධර්මේ,මෝක්ෂ හා පොලිස් පරික්ෂක අරුණීය.

මහ පොළවේ දේශපාලන යථාර්ථය පියාඹන මූනිස්සම්

සුදාර ගීගනගේ අධ්‍යක්ෂණයෙන් ධනුක කරුණාරත්නගේ තිර රචනයෙන් පියාඹන මූනිස්සම් රූපවාහිනිය මත දිග හැරෙන්නේ එසේය. ප‍්‍රදීප් ජයරත්න සහය අධ්‍යක්ෂණයෙන්ද, කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති ද, ඇඳුම් නිර්මාණයෙන් සහ කලා අධ්‍යක්ෂණයෙන් ප‍්‍රසන්න කුමාරගේ ද අංග රචනයෙන් වරණි අල්ෆොන්සෝ ද වර්ණ සංයෝජනයෙන් සහ සංස්කරණයෙන් තිලංක නිරංජන බණ්ඩාර ද, රේඛීය නිෂ්පාදනයෙන් නදීර සේනානායක ද එක්වන ”පියාඹන මූනිස්සම්” රංගනයෙන් හැඩ කරන්නේ සජීව් රාජපුත‍්‍ර, නදීශා හේමමාලි, අශාන් ඩයස්, නයනතාරා වික‍්‍රමආරච්චි, වසන්ත කුමාරවිල, දර්ශන් ධර්මරාජ්, බිම්සරා පේ‍්‍රමරත්න, ධනුක දිල්ශාන් සහ පියෝරිනා ප‍්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන්ය. රාජපුත‍්‍ර ප‍්‍රඩක්ෂන් වෙනුවෙන් චන්න දේශප‍්‍රිය නිෂ්පාදනය කරන පියාඹන මූනිස්සම් සතියේ දිනවල රාත‍්‍රී 9.30 ට සිරස ටී. වී. ඔස්සේ විකාශය වේ.

මහ පොළවේ දේශපාලන යථාර්ථය පියාඹන මූනිස්සම්
  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment