මහ පොළොවේ ජනමතය මැති සබයෙන් පිළිබිඹු වුණේ නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

102

රට ගොඩනැඟීමට දිය හැකි උපරිම සහාය විපක්‍ෂය ලෙස අප ලබා දෙනවා

රට ගොඩනැඟීම සඳහා විපක්‍ෂයක් ලෙස අපිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

අභිනව ජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිතුමාට අපේ සුභ පැතුම් පුද කරනවා.

2019 ජනාධිපතිවරණයක් පැවැත්වුණා. 69 ලක්‍ෂයක් ලැබුණා. 2020 මහ මැතිවරණයක් පැවැත්වුණා. හැට අට ලක්‍ෂයක් ලබා මන්ත්‍රීවරු 149 ක් ලබා තුනෙන් දෙකක් හිමිකර ගත්තා.

රණසිංහ ප්‍රේමදාස මහතා අභාවයට පත්වූ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ මත විමසුමකින් තොරව ජනාධිපති තෝරා ගත්තා. ජනාධිපති තෝරන්නේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. අද ජනාධිපති තෝරා ගන්න හිඩැස නිර්මාණය වුණේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දෝෂාභියෝග නැතිව විරෝධයක් හරහා ධුරය අතහරින්න වුණා. මේ කරුණ 225 ම අවබෝධ කරගත යුතුයි.

අපි තරයේ විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු විය යුතුයි කියලා. රටක් තුළ කැලෑ නීතියක් ක්‍රියාත්මක විය යුතු නැහැ. ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් පමණයි ක්‍රියාත්මක විය යුත්තේ. ඒ තුළින් තමයි ඩලස් අලහප්පෙරුම මහතා අපේක්‍ෂකයෙක් හැටියට ආවේ. මාවත් නම් කෙරුණා. ප්‍රගතිශීලී අදහස් දරන පුද්ගලයෙක් හැටියට ප්‍රචලිත ඩලස් මහතා පොහොට්ටුව පක්‍ෂයෙන් එන විට අපි අපේ අපේක්‍ෂකත්වය පසෙකට දාලා රටේ පරිවර්තන යුගයක් ඇති කිරීමට අලුත් වැඩපිළිවෙලක් ඇති කිරීමට අඩියක් පස්සට ගත්තා.

2020 පත්වූ මන්ත්‍රී සංඛ්‍යාවයි මේ ඉන්නේ. ජයග්‍රහණය තුළ එය අමතක කරන්න එපා. හිටපු ජනපති ගෝඨාභයගේ පත්වීමේ දිගුවක් තමයි මේ තියෙන්නේ. මහ පොළවේ මතයද මේ ඇතුලේ තියෙන්නේ කියා සිතා බලන්න. මහ පොළවේ යථාර්ථය ජනතාවට ඉන්ධන නෑ. භූමිතෙල් නැහැ, කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ දෙන්න බැහැ, කර්මාන්ත ශාලා වැහිලා. අත්‍යවශ්‍ය ආහාර නැහැ. ගිය කන්නයේ සියයට 50 ක්

කෘෂි නිෂ්පාදන කර නැහැ. එදා වේල් 3 ක්

කාලා ජීවත් වූ ජනතාව අද කීලක්ෂයක් එක වේලකට බැහැලද. ආහාර

විවිධාංගීකරණයක් නැහැ. මන්දපෝෂණය වැඩිවෙලා. ඒ නිසා රටේ නිෂ්පාදනය කඩා වැටෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉතා අසරණවෙලා. බැංකු පද්ධතිය අමාරු තත්ත්වයට වැටිලා. ධීවරයා, ගොවියා, කම්කරුවා අනාථ වෙලා. දිනපතා වැටුප් ලබන පවුල් අසරණවෙලා. එවන් තත්ත්වයක් තුළ අද 69 ලක්‍ෂයක වරමක් ලබපු කණ්ඩායම රටේ ආර්ථිකය හකුලලා.

රට ගොඩනැඟීමට ජාතික සැලැස්මක් හැදිය යුතුමයි. ඉලක්ක ගත සැලසුම් සහගත ගමනක් යා යුතුමයි. මහ පොළවේ මතය කනගාටුදායකයි. දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුවිය යුතුමයි. අද රට වැටී ඇත්තේ 20 වන සංශෝධනයේ ප්‍රතිඵලය නිසයි. කරපු මහා විනාශය නිසයි ජනතාව අසරණ වුණේ. රට ගොඩ ගන්න විපක්‍ෂයක් ලෙස අපිට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ජනතාව ලබාදුන් ජනවරම මෙන්ම වරප්‍රසාද කාටවත් පාවා දෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ ඉතා අසීරු ක්‍රියාවලියක් නිලධාරීන් සිදුකළා. එය ක්‍රියාත්මක කළ පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු සියලු නිලධාරීන්ට ස්තූතිය පුදකරනවා.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment