මහ බැංකුවටත් උඩින්: බැංකු ණයකරුවෝ අසරණයි

151

ඉතිහාසයේ රට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යෑමෙන් බලවත් පීඩාවට පත්ව සිටින ජනතාව ඇතුළු විශේෂයෙන් බැංකු හා මූල්‍යායතනවල ණය ගැනුම්කරුවන්ට සහන සලසන ලෙස එම ණය ගැනුම්කරුවෝ රජයෙන් සහ මහ බැංකුවෙන් ඉල්ලා සිටිති.

මේ අනුව දැනට බැංකු ණය ගත් අයට ණය ගෙවීම සඳහා ලබාදී ඇති කාලය තවදුරටත් දීර්ඝ කරදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මේ ගැන විශේෂයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කරති.

අදාළ සහන ලබාගැනීමට තමන් ණය ලබාගත් බැංකු ශාඛාවලට ගිහින් සාකච්ඡා කර ඉල්ලීම් කළත් තවමත් මහ බැංකුවෙන් ඒ සඳහා බැංකුවලට උපදෙස් ලැබී නොමැති බවට එම බැංකුවල නිලධාරීන් සඳහන් කරන බවද මේ නිසා මෙම ප්‍රශ්නයට වහාම මැදිහත්වන ලෙස මහ බැංකු අධිපතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද ඔවුහු තවදුරටත් ඉල්ලා සිටිති.

මේ අසාධාරණයට පත්ව ඇති බැංකු ණය
ගැනුම්කරුවන්ට තම ප්‍රශ්නය මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කළ හැකිවේ. එහි ක්‍ෂණික ඇමතුම් අංකය 1935 සහ 011-2477966 වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment