මහ බැංකුවට ඩොලර් බිලියන 2ක බලාපොරොත්තුවක්

880

මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සම`ග ඇති කරගෙන ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ විදේශ විනිමය ලැබෙනු ඇතැයි මහ බැංකුව පවසයි.

මහ බැංකුව මගින් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ප‍්‍රකාශයට පත් කළ සිය මාසික පෙර දැක්ම අනුව නුදුරේදීම විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්‍ෂා කරන බවද මහ බැංකුව පවසයි. රජය විසින් ද්විපාර්ශ්වික ණය පහසුකම් ලබා ගැනීම, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම මෙන්ම බහුපාර්ශ්වීය සංවිධාන තුළින් ණය

ලබාගැනීමේ ක‍්‍රියාවලියක යෙදී සිටින බවද මහ බැංකුව පවසයි.

මේ අපේක්‍ෂිත විදේශ විනිමය ලැබීම් සම`ග ලබන වසර (2022) පුරා නිල විදේශ සංචිත හිතකර මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරයි.කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව වැනි රටවලින් ලැබෙන විනිමය හුවාමරු පහසුකම්වලින් අපට විදෙස් ණය ගෙවීමට අපහසු බවත් ඒවායින් කළ හැක්කේ එම විදේශ විනිමය හුවමාරු පහසුකම ලබාදුන් රටින්ම භාණ්ඩ ලබා ගැනීම බවත් ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment