මහ බැංකුවට නව සහකාර අධිපතිවරු 4ක් පත්වෙති

319

ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනකු පත්කර ඇත.

මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කේ. ජී. වී. සිරිකුමාර, ඞී. කුමාරතුංග, යූ. එල්. මුතුගල සහ ඞී. පී. එස්. බණ්ඩාර යන නිලධාරීන් හතරදෙනා මහ බැංකු සහකාර අධිපති ධුරයට උසස් කර ඇත.

මහබැංකු මුදල් මණ්ඩලයේ පසුගිය නොවැම්බර් 17 දින පැවැති රැුස්වීමේදී මේ තීරණය ගෙන ඇත.

කේ. ජී. පී. සිරිකුමාර මහතා මහ බැංකුවේ වසර 21කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර මහ බැංකුවේ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුවේ සහ ලේකම් දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු දරමින් සේවය කර ඇත.

ඞී. කුමාරතුංග මහතා මහ බැංකුවේ වසර 30කට අධික කාලයක් සේවය කර ඇති අතර ගෙවීම් පියවීම් අධ්‍යක්‍ෂකවරයා ලෙස සේවය කරමින් සිටියේය.

යූ. එල්. මුතුගල මහත්මිය මහබැංකුවේ දෙපාර්තමේන්තු රැුසක තනතුරු දරමින් මහ බැංකුවේ වසර 30කට වැඩි කාලයක් සේවය කර ඇත.

එසේම සී. පී. එස්. බණ්ඩාර මහතා මහ බැංකුවේ වසර 24 ට අධික කාලයක් සේවය කර ඇති අතර මූල්‍ය පද්ධති ස්ථායිතාව, ආර්ථික හා මිල ස්ථායිතාව සහ ආයතනික සේවා ඇතුළු ක්‍ෂේත‍්‍ර රැුසක සේවය කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment